නිවනට මග 2 - සාමිස සුවයෙන් නිරාමිස සුවයට
සංසාර ගමනේ දී සුද්ධාවාස භූමි හැර අප නූපන් භවයක් නැත. නොවිඳි සැපතක් නැත. නොවිඳි දුකක් ද නැත. නොකළ පාපකර්මයන් ද නැත. ඒවාට සිත් සේ විපාක ද විඳ ඇත. විශේෂයෙන් සතර අපාය තම නිවෙස් බඳුය. මාර්ග ඵල හැර ධ්යාන අභිඥා ලැබූ වාර ද අනන්ත ය. සංසාර ගමනෙහි දී බොහෝ පාරමී ධර්ම ද වඩා ඇති බව නිදසුනකි. මේ අති දුර්ලභ මිනිසත්බව, සංසාර ගමනේ දී බුද්ධෝත්පාදයක් ලැබීම ඉතා දුෂ්කර ලැබීමකි. කල්ප ලක්ෂ ගණනකිනුත් හමු නොවන්නකි.
මිසදිටු බවින් මිදෙන්නට ගිහි පැවිදි සත් පුරුෂ කල්යාණ මිත්රයන්ගේ ඇසුර, මග පෙන්වීම, ආදර්ශය අතිශයින් ම මහෝපකාරී වේ. තථාගතයන් වහන්සේ වරක් ආනන්ද මහ තෙරුන්ට වදාළේ 'සම්බුද්ධ ශාසනයේ යහපැවැත්ම සම්පූර්ණයෙන් ම පවතින්නුයේ කල්යාණ මිත්රාශ්රය නිසා බව'යි.
වේවැල්දෙණිය, පහළගම භාවනා සෙනසුනෙහි අනුශාසක පූජ්ය පොල්ගහවෙල මිතභාණි හිමියෝ දහම් පිපාසිතයන් දහම් මඟට ගනිමින් තරුණ පිරිස් ධර්ම මාර්ගයට යොමු කරමින් ඉමහත් ශාසනික සේවාවක් සිදු කරති. රමණීය වන සෙනසුනක් පවත්වා ගෙන යමින් බවුන් වඩන භික්ෂූන් වහන්සේලාට සෙවනක් ලබා දෙමින් උතුම් ශාසනික සේවාවක් සිදු කරති. එමෙන්ම "බුදුසරණ" පුවත්පතට දහම් ලිපි සපයමින් සුවිශේෂී ධර්මදාන පින්කමක් ද සිදු කරති.
මේ එම ලිපි මාලාවෙහි දෙවන ග්රන්ථය යි. උන්වහන්සේගේ මෙම උදාර ශාසනික කටයුත්ත පැසසිය යුත්තකි. සමාජය නොමග යවන පොත්පත් එළිදකින මෙම යුගයෙහි ධර්මය, බුදු පිළිවෙත් මග සවිමත් කිරීමට මෙවන් කෘති කාලෝචිත මෙහෙවරක් ඉටු කරනු ඇත.
- විනයාචාර්ය, කම්මට්ඨානාචාර්ය, අතිපූජ්ය ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි
භාවනා මධ්යස්ථානාධිපති
සියනෑ ජාත්යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානය
කඳුබොඩ, දෙල්ගොඩ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.