නිවනට මග 3 - සදහම් ශාන්තිය
මා කොළඹ රාජකීය විද්‍යාලයීය ගුරු සේවයෙන් විශ්‍රාම ගියා පමණි. සසරේ ගැටළු නිරාකරණය කර ගන්නේ කෙසේ ද? එමඟින් හරවත් දිවියක් ගෙවන්නේ කෙසේ ද? මෙසේ සිතූ මම, වේවැල්දෙණියේ ආරණ්‍ය සේනාසනය වෙත ගියෙමි.
සේනාසනාධිපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සමඟ කතා බහට වැටුණෙමි. 'යහපත් ආශ්‍රය මිනිසාගේ දියුණුවට හේතු වේ' මේ කියමන අනුව සිතූ මම එහි නතර වීමට සිතා මගේ කැමැත්ත පළ කළෙමි. දහම් රසය එහි යන එන සැමට නිරාමිස සතුටින් බෙදා හදා දෙන අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් මට ලැබුණේ ඉමහත් සැනසුමෙකි. සොම්නසෙකි.
අමා මෑණි ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කළ දහම් රස වැගිරෙන ඒ දහම් රසින් ඔප් කෙරෙන ඉමිහිරි වදන් මාලාවකින් මගේ සිත පිනා යන්නට විය. පිබිද ගිය දහමට ලොල් වූ සිතෙහි අමුතු ම ප්‍රබෝධයක් ඇති විය. සෙනසුනේ නැවතී සිටි මට සුළු කලෙකින් මහණදම් පිරීමට උපකාර වූයේ ද ගෞරවනීය මිතභාණි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය. භව කතරින් එතෙර වන්නට මග පෙන්වා දෙන උන් වහන්සේගේ එම මග පෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මා හට උතුම් උපසම්පදාව ලබා ගැනීමට ද භාග්‍යය උදා විය.
එසේම, උන්වහන්සේගේ 'බුදුසරණ' ලිපි පෙළින් උසස් මට්ටමක ඥානයක් කියවන බොහෝ දෙනා තුළ ඇතිවන දහම් රසය වර්ධනය වීමෙන් ලොව්තුරු දහම් මග හෙළි කර ගැනීමේ භාග්‍යය උදාවන බවත් පැහැදිලි වේ. මෙය උතුම් පින්කමෙකි. සැමට නුවණැස බෙදා දෙන අනගි ක්‍රියාදාමයකි. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් උතුම් නිර්වාණ ශාන්තිය උදාකර ගැනීමට හේතු වාසනා වේවා යි ප්‍රාර්ථනය කරමි.
- පූජ්‍යපාද කළුබෝවිටි ඥානානන්ද හිමි
සන්ථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය,
ආරණ්‍ය සේනාසනය,
වේවැල්දෙණිය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.