නිවනට මග 5 - දැහැන් ගත සිත
මොහොතක් මොහොතක් පාසා දුකින් පෙළෙන ලෝක සත්වයා සසර සසරින් මුදවා ගැනීමේ පහළ මහා කරුණාවෙන් ම උතුම් බුද්ධ රත්නයක් මේ ලෝක ධාතුවෙහි පහළ වෙයි. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මනුෂ්යයෙකු වී උපැත්තිය ලැබීමත් ඒ උතුම් පරම ගම්භීර වූ ශ්රී සද්ධර්මය ශ්රවණය කිරීමට ලැබීමත් අකවරංග භව සසරෙහි අප සියලු දෙනා ම සිදු කළ මහත් වූ පුණ්ය කර්මයක ප්රතිඵලයක් බව සඳහන් කළ යුත්තේමු. ලබාගත් මනුෂ්යත්වය තුළ මේ උතුම් ශ්රී සද්ධර්මය අවබෝධ කිරීමට උත්සුක නොවන්නේ නම් එය මහත් පරිහානියකි. යම් පුද්ගලයෙක් ලද මිනිසත්භාවය තුළ අටලෝ දහමින් කම්පා නොවී උතුම් චතුරාර්ය සත්ය අවබෝධ කිරීමට උත්සාහ ගන්නේ ද හෙතෙම මහා භාග්යවන්තයෙකු බවට පත් වේ.
ඉමක් කොනක් නොපෙනෙන ඝෝර සසරෙහි හිඟ වූ පංචකාමයට ඇලී සිඳිදා හැඟීමෙන්කෝ අවසන් කළ නොහැකි ආශාවන් පසුපස හඹා යාම හරහා දුකට ම පත්වෙයි. සතුට කියා මුළා වී ලුහුබඳින්නේ ම මේ දුක ම ය.
ගත සිත සනසන නිහඬ නිසංසල වන සෙනසුනක සිට ලෝක සත්වයා වෙනුවෙන් උතුම් ධර්ම ශාස්ත්රීය සේවාවක් සිදු කරනු ලබන ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේගෙන් දහම් ඇස පහළ කර ගැනීමට පැමිණෙන පිරිස වර්තමානය වනවිට ක්රම ක්රමයෙන් වැඩිවෙමින් පවතී. ඒ උතුම් ශ්රී සද්ධර්මය තව දුරටත් ව්යාප්ත කිරීමේ අරමුණින් සැබෑ වූ දහම් පිපාසිත පිරිසකගෙන් ලද ආරාධනාවකට අනුව ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ පස්වන සදහම් ග්රන්ථය ලෙස නිකුත් වන මෙම උතුම් සදහම් ග්රන්ථය මනා අවබෝධයෙන් පරිශීලනය කරන සිව්වනක් පිරිසට ම ඉහළ දහම් ප්රඥාවක් ලබා ගැනීමට හැකිවන බව අපගේ විශ්වාසය යි.
- දිලුන් රංගන
ලේකම්
ශ්රී තිසරණ පදනම බෞද්ධ සංගමය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.