Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

About this book

දශක ගණනාවක් පුරා කරගෙන එන ශාසනික හා සමාජසේවා කටයුතු මෙන්ම ලේඛන කලාව තුළින් යහපත් සමාජයක් බිහිකිරීමෙහි ලා ගන්නා ලද උත්සාහය අගය කිරීම් වස් අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත මහානාහියන් අතින් ‛දේශකිරීර්ති ශ්‍රී විද්‍යාභිමානී ගෞරව උපහාර සම්මානයෙක් හිමිකරගෙන ඇති මෙතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි පංතියේ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරු හයදෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සේවය කොට ඇති මෙතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විකලයයේ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලන විද්‍යාපති උපාධියක් හිමිකරගෙන ඇත. මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියානු පැසිපික් ආරක්‍ෂක විද්‍යා පීඨයෙන් ආරක්‍ෂ ක්‍රමවේද පිළිබඳව ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

ආර්.ජේ.ද. සිල්වා මහතා විසින් මෙම ග්‍රන්ථය සැකසීමට ඉන්දියාවේ පළවී ඇති ඉතා වටිනා ග්‍රන්ථ ගණනාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම තොරතුරු ඇතුළත් කරමින් මෙතුමා විසින් නවකතා ශෛලියක් අනුගමනය කරමින් රචනා කරන ලද මෙම අගනා කෘතිය සාමාන්‍ය මහජනතාව, දහම් පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මෙන් ම දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන් වන්දනා ගමනට පෙර කියවීමෙන් ධර්මාශෝක රජු සහ ඔහු විසින් බුද්ධ ශාසනය නඟා සිටුවීමට කර ඇති මෙහෙය ගැන ඉතා වැදගත් ඓතිහාසික තොරතුරු රාශියක් ඉගෙන ගත හැකි බව මාගේ විශ්වාසය යි. මම සිල්වා මහතාට දිගාසිරි පතනෙමි.

ISBN
9786245711215
පිටු ගණන (Pages)
447
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.