දිරිය දියණිය
වර්ෂ 2015 දී මිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් සරණාගතයින් යුරෝපයට සංක්‍රමණය විය. මම ද ඔවුන් අතරින් එක් සංක්‍රමණිකයෙකු වෙමි. නිකම්ම නිකන් නොම්මරයක් නොවන අප සියළුදෙනාම මනුෂ්‍යයින් වන අතර, අපට කියන්නට කතාවක් ඇත. මේ මගේ කතාවයි.
උපතින්ම දෙපා ආබාධිතයෙකු වූ අවුරුදු දාසයක් වයසැති නිව්ජන් මුස්තාපා සිරියාවේ ඇතිවූ, බිහිසුණු සිවිල් යුද්ධය හේතු කොටගෙන රටින් පිටවන්නට බල කෙරෙන තෙක් අලෙපෝ නගරයේ ඔවුන් ජීවත් වූ ගොඩනැඟිල්ලේ පස්වෙනි තට්ටුවේ පිහිටි සිය නිවසෙන් එළියට ගොස් තිබුණේ ඉතාමත් කලාතුරකිනි. විප්ලවයක් මැඬලීමට අධිෂ්ඨාන කර ගත් පාලන තන්ත්‍රයක බෝම්බ ප්‍රහාරවලින් බේරෙමින්, තමා ජීවත් වූ නගරය සුන්බුන් බවට පත්වන අයුරු සිය දෑසින් දකිමින්,
ළමා සරණාගතයෙකුවීම කෙබඳුද යන්න පිළිබඳ අභ්‍යන්තර කතාව ඇය අපට පවසයි. මහමගදී හමුවුණු කරුණික ආගන්තුකයින්ගේ උපකාර ලබා ගනිමින්, ජාවාරම්කරුවන් සහ දේශසීමා තරණය කරන්නට අවසර නොදුන් රාජ්‍යයන් සමඟ හෙට්ටු කරමින් සිය මව්බිම සහ දෙමව්පියන් හැර දමා සැතපුම් 3593 ක දිගු ගමනේ දුෂ්කර විස්තරය ඇය අපට කියන්නීය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.