එක් සොඳුරු ගැහැණියක්
About this book
වරප්‍රසාද ලත් සුඛෝපභෝගී පැලැන්තියේ පවුලක උපත ලත් ඇනබල් වර්තින්ටන් හැදී වැඩුණේ නිව්යෝර්ක් නගරයේ ශෝභා බව මධ්‍යයෙහිය. නමුත් 1912 වසරේ එක් සීත අප්‍රේල් රාත්‍රියක ටයිටැනික් නැව මුහුදු පතුලෙහි සැඟවීමත් සමඟ ඇගේ දිවිය සදහටම වෙනස් වෙයි. ශෝකය තුළින් ශක්තිමත් වන ඇනබල් රෝගී අසරණයනට සාත්තු කරමින් රෝහල්වල ස්වේච්ඡා සේවයට එක් වන්නේ පසු කලෙක ඇගේ ජීවිතය වෙනස් කරනා වෛද්‍ය විද්‍යාවට දැඩි ඇල්මක් ඇති කර ගනිමිනි ඉතා යහපත් යැයි පෙනෙන විවාහයක් ඇගේ ජීවිතයට කඳුලක් ගෙන එද්දී ඇදහිය නොහැකි අභූත චෝදනාවලට ලක්වන ඇනබල් සිය මවුබිම වු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය අත්හැර පළමු ලෝක සංග්‍රාමයෙන් ගිනිගත් ප්‍රංශයට යන්නේ දිවි පරදුවට තබා ස්වේච්ඡා සේවයෙහි යෙදෙමින් සිය දුක්බර අතීතය අමතක කිරීමටයි.
එහිදී ඇය තම සැබෑ දිවිය හඳුනා ගන්නීය. දේශ සීමාවෙහි වෛද්‍ය සහායිකාවක ලෙස කටයුතු කරන ඇය යුද්ධය නිමවීමත් සමඟ ඇයට හිමිවිය යුතු නව ජීවිතය පැරිසියේදී ආරම්භ කරයි.
දැන් වෛද්‍යවරියක මෙන්ම මවකද වන ඇයගේ දුක්බර අතීතය සහමුලින්ම අමතකව යද්දී එක් දෛවෝපගත හමුවීමක් ඇය අතහැර ආ අතීතය වෙතට ඇයව කැඳවා යයි....
Details
ISBN
9789556912654
පිටු ගණන (Pages)
344
මුද්රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review