සොරාගත් මතක
මෙම කතාව සත්‍ය සිදුවීම් පදනම් කරගෙන ලියවුණු කතාවකි.
"ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය. නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න ඕනේ කාටද කියාවත් ඇයට කිසිම අදහසක් නොතිබුණේය. ඇය කලබල නොවී ඉන්න ලොකු උත්සාහයක් දැරුවාය. නමුත් ළඟකදී පටන් ඇගේ නින්ද දරා ගන්න බැරි තරමට භය හිතෙන, නපුරු හීනවලින් පිරි තිබුණේය. ඉතින් හැම උදෑසනකම ඇය ළඟදීම මොකක් හෝ විනාශයක් වෙනවා කියන සිතුවිල්ලත් සමග නින්දෙන් නැඟිට්ටාය.”
මේ ආකාරයට පටන් ගන්නා මෙම කතාන්දරය කුතුහලට පිරි චාරිකාවක ඔබ කැඳවාගෙන යයි. බොහොම භයානක මිනීමැරුම් ගොන්නක් සිදු කිරීම සම්බන්ධයෙන් ලස්සන, තරුණ කාන්තාවෝ තුන් දෙනෙක් සැකයට ලක් වෙති. පොලීසිය එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම, අමුතුම නඩු විභාගයට මඟ පෑදෙන්නේය. සත්‍ය වෛද්‍ය අත්දැකීම් පදනම් කරගෙන සිඩ්නි ෂෙල්ඩන් රචනා කළ මෙම කතාව ලන්ඩනය, රෝමය, කෙබෙක් නගරය හා සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර පාදක කරගෙන දිග හැරෙන්නේ පාඨකයා පුදුම කරවන ආකාරයේ කූටප්‍රාප්තියකුත් ඇති කරමින්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.