Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / එකමත් එක කාලෙක ජපන් රටේ....

එකමත් එක කාලෙක ජපන් රටේ....

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
About this book

Start with a story - කතන්දරයකින් පටන් ගන්න යැයි බටහිර කියමනක් ඇත. විශේෂයෙන් ළමයින් උදෙසා ඉගෙනීමේදී, උගැන්වීමේදී කතන්දර උපයෝගී කරගැනීම ප්‍රයෝජනවත්ය. ජනකථා - ජනශ්‍රැති සාහිත්‍යය මෙහිදී භාවිත කැරේ. ඇමරිකාවේ වෛද්‍ය සුයිස් මහතා Reading for earth මිහිතලයට කියැවීම නම් වැඩසටහනක් දියත් කළේ එහි ප්‍රයෝජන දන්නා බැවිනි. එකමත් එක කාලෙක ප්පන් රටේ.. අනුවර්තිත ජනකතා මාලාව මවිසින් කියවන ලද්දේ දැඩි රුචියකිනි. නිප්පොන් දේශයේ සමාජ සංස්කෘතික පාරිසරික වට පිටාව, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, ආහාර පාන රටාව ගුණ නුවණ ආදී බොහෝ අංශ විශද කැරෙන මේ කෙටි ජනකථා අපට කියවන්නට සලසා දෙන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික සහ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ ජපන් භාෂාව සඳහා කටයුතු කරන ආචාර්ය සමන්තිකා ලොකුගමගේ, කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනාංශයේ ජපන් භාෂාව සඳහා කටයුතු කරන ආචාර්ය උදාරා ඉරෝෂිණී ද සිල්වා, මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ජපන් භාෂා ආචාරිනී සඳමාලි අමරසිරි ගුණවර්ධන, ඔරිගමි කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේලා පුරෝගාමීව කටයුතු කරන ඉරෝමි සේනාරත්න යන උගතුන් විසිනි. රසවත් මෙන්ම හරවත් ලෙස අනුවර්තනය කර ඇති මේ කතා අපට ජීවත්වීමේ කලාව හා ශිල්ප පිළිබඳ ආලෝචනා (insights) මතු කරයි. ඵලදායි සාහිත්‍ය නිර්මාණයක් පාඨක සමාජය වෙත පිරිනැමීම සම්බන්ධයෙන් අපගේ ගෞරව ප්‍රසාදය ඔවුන් වෙත පිරිනමමි. මේ පොත කියැවීමෙන් පාඨක ඔබට ලබාගත හැකි ප්‍රයෝජනය ඉමහත් බව සිහිපත් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර - මානව විද්‍යා අධ්‍යයනාංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ISBN
9786245713950
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එකමත් එක කාලෙක ජපන් රටේ....

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.