එන්න මා සොඳුරිය
ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසිවලට අනුව ඉන්දියාව වෙනස් කිරීමේ පරමාර්ථයෙනි. ඔහුගේ පුත්‍රයාද එහි පැමිණෙන්නේ එම පාසලේ ඉගැන්වීම සඳහාය. දෙවියන් සොයායන ඔහුගේ මුනුපුරා ඉතා කුඩා දිළිඳු ගමක සම්පූර්ණ ගැමි ජීවිතයක් ආරම්භ කරන්නේද මිෂනාරිවරයකු ලෙසය.
බටහිර සහ නැගෙනහිර අවසන් ඝට්ඨනය එළිදකින්නේ උපතේ සිට ඉන්දියන් ගම්මානයේ ගැමි ජීවිතයට හුරු වී සිටි ඔහුගේ මීමිනිබිරිය වෛද්‍යවරයකු වූ දේශීය මිනිසකු සමඟ ආදරයෙන් බැඳී යාම හා ඔහු සමඟ විවාහවීමට අවසර ඉල්ලා සිටීමත් සමඟය.
ඇගේ පියා ඒ විවාහයට බලවත් ලෙස විරුද්ධ වන්නේ සිය මුලික සංකල්ප නොසලකා හරිමිනි.
අපේක්ෂා භංගත්වයට පත්වන ඇය අවසානයේ තම ආදරවන්තයා සොයා යන්නේ ඔහු වෙනුවෙන් කැපවීම සඳහාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.