Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගම්මුලාදෑනි වතගොත

ගම්මුලාදෑනි වතගොත

About this book

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත "ගම්මුලාදෑනි වතගොත” නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන මා හැඟි ග්‍රන්ථයකි. බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ.

අතීතයේ සිට ගම පාලනය, නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදු වන්නට ඇත. බ්‍රිතාන්‍යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග්‍රාමීය හා ප්‍රාදේශීය පාලනය භාරදුන් අතර, මේ ග්‍රාමීය පාලනය මුළු රටේම එක් තනතුරු නාමයකින්, එනම් ගම්මුලාදෑනි තනතුරු නාමයෙන් සිදු කිරීම බ්‍රිතාන්‍ය පාලකයින් සිදුකළේ 1941 අංක 11 දරණ HEADMEN CHANGE OF DESIGNATION ORDINANCE නම් වූ නීතියෙනි. එමගින් ගම්මුලාදෑනි යන තනතුරු නාමය ගමටත්, ප්‍රාදේශීය ආදායම් නිලධාරි තනතුරු නාමය ප්‍රාදේශීයවත් හඳුන්වා දෙන ලදි. කතුවරයා මේ පොතෙන් සාකච්ඡා කරන්නේ මේ ගම්මුලාදෑනි භූමිකාව පිළිබඳවයි. ගම්මුලාදෑනි ක්‍රමයේ සිට ග්‍රාම නිලධාරි ක්‍රමය දක්වා විවිධ මාතෘකා යටතේ මෙකී තනතුර පිළිබඳව අංග සම්පූර්ණ විග්‍රහයක් කිරීමට කතුවරයා සමත්ව ඇත.

මේ අනුව "ගම්මුලාදෑනි වතගොත" නම් වූ මෙම ග්‍රන්ථය රටේ ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ ඉතා වැදගත්වූ මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයක් පිළිබඳව අංග සම්පූර්ණව කෙරුණු විග්‍රහයක් බව සඳහන් කරන අතරම මේ විග්‍රහය මැනවින් සිදුකිරීම පිළිබඳව ඉන්දික උඩවත්ත මහතාට ස්තූති කිරීමට ද කැමැත්තෙමි. මේ මාහැඟි ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයේ නියුතුවන සෑම අයෙකුම කියවිය යුතු ග්‍රන්ථයක් බව ද සඳහන් කරමි.

සුනිල් කන්නන්ගර

අම්පාර, රත්නපුර හා කොළඹ හිටපු මහදිසාපති.

ISBN
9786246446772
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගම්මුලාදෑනි වතගොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.