ගණිතය අත්වැල - I
ගණිත ගුරුවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඩබ්ලිව්. ආර්. සුදසිංහ මහතා පරිගණක විද්‍යා ගුරුවරයෙකු, පරිගණක සම්පත් මධ්‍යස්ථාන භාර කළමණාකරුවෙකු වශයෙන් විවිධ තනතුරු දරමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් අපමණ කැපවීම් කරන විද්වතෙකි. කලාව සාහිත්‍ය වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යධරයෙකි. කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය මාධ්‍ය කේන්ද්‍රයේ නිර්මාතෘවරයා වන ඔහු විදුල ළමා ගුවන් විදුලිය, රුහුණු ගුවන් විදුලි සේවය සහ සියත රූපවාහිනිය සමග එක්ව විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ගණිතය විෂය වෙනුවෙන් පහසුතාවයක් සපයන්නට ඩබ්ලිව්. ආර්. සුදසිංහ මහතා විසින් දරා ඇති වෑයමක ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පෙළ ගණිතය අත්වැල I රචනා වී ඇත. 10 සහ 11 ශ්‍රේණි වල සිසුන් සඳහා ගණිතය සම්බන්ධ විෂය කරුණු පහසුවෙන් අවබෝධ කරගත හැකිවන පරිදි අත්‍යාවශ්‍ය විෂය කරුණු සරල බවේ සිට සංකීර්ණ බව දක්වා ගලායන පරිදින් රචනාවීම මේ ග්‍රන්ථයෙහි දැකිය හැකි විශේෂතාවයකි. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ගණිතය සම්බන්ධ ගැටළු මෙන්ම ඊට අදාළ විසඳුම් ද ඉදිරිපත් කර තිබීමයි. ඒ තුළින් සිසුවාටම ස්වයං අධ්‍යයනයක නිරත වෙමින් ගණිත විෂය ප්‍රගුණ කරගැනීමේ අවස්ථාව උදාවී ඇත.
වසර ගණනාවක් තිස්සේ ගණිතය ඉගැන්වීමෙන් ලද පරිචය ඇසුරෙන් දුෂ්කර, තේරුම් ගැනීමට අපහසු, ඉන්ද්‍රිය ගෝචර නොවන ආදී වශයෙන් සිසුන් විසින් සලකනු ලබන ගණිතය සරල, සුගම බස් වහරකින් හා සරල ගැටළු රැසකින් සිසුන් වෙත ගෙන ඒමට මෙම කෘතිය මගින් ගෙන ඇති වෑයම සැබැවින්ම ප්‍රසංසනීය වේ.
සුදර්ශී මහතන්තිල
කථිකාචාර්ය (ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය)
පස්දුන් රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය- කළුතර.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.