ගෞතම බුදුන් වහන්සේ
ගෞතම බුදුන් වහන්සේ ජම්බුද්වීපය නමින් එකල හඳුන්වා ඇති ඉන්දියානු උපමහද්වීපයෙහි, මධ්‍ය දේශය නමින් ප්‍රකටව පැවති උත්තර බුදුන් වහන්සේ භාරතීය ප්‍රදේශය තුළ පහළවී තිබෙන ශාස්තාවරයෙකි. උන්වහන්සේගේ ඓතිහාසිකත්වය ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ ග්‍රන්ථයන්හි ඇතුළත්ව ඇති තොරතුරුවලින් ඉතා නිවැරදිව තහවුරුවී තිබේ. ප්‍රිපාවා ධාතු කරඩු සහ අසෝක සෙල්ලිපිවලින්ද, භාරුත්, සාංචි, අමරාවතී, නාගර්ජුනීකොණ්ඩ සහ අජන්තා වැනි ස්ථාන රැසක නිම කොට ඇති බුද්ධ චරිතය ගෙනහැර දැක්වෙන ක්‍රිපූ යුගයට අයත් වන විවිධ කැටයම්, මූර්ති හා චිත්‍ර වැනි පුරාවිද්‍යාත්මක සාධකවලින්ද උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධය ඉතා හොඳින්ම පැහැදිලි වේ. බුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයෙහිදී ඉන්දියාවේ පැවති
සොළොස්මහා ජනපද පමණක් නොව බුද්ධ චරිතය සමග ඉතා සමීපව බැඳී තිබුණු ස්ථාන අතිවිශාල සංඛ්‍යාවක්ද මේ වන විට ඉතා නිවැරදිව හඳුනා ගෙන තිබේ. පසු අවධීන්හිදී වෙනත් රටවල සිටි බෞද්ධයින් එවැනි ස්ථාන දැක බලා ගැනීම පිණිස ඉන්දියාවට පැමිණ එම තැන්වල පැවති ඓතිහාසික වැදගත්කම පිළිබඳව පමණක් නොව ඒවායෙහිදී ඔවුන් සියැසින් දැක ඇති දෑ ගැනද තම වාර්තාවන්හි හොඳින් කරුණු විස්තර කොට තිබෙනු දක්නට ලැබේ. එවැනි රටවලදී රචනා කොට තිබෙන බෞද්ධ ග්‍රන්ථ සමූහයකත් මේ හා සම්බන්ධ තවත් තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇති බව පෙනේ. එහෙත් බුදුන් වහන්සේ යනු ලංකාවේ ඉපැදී මෙහිම වාසය කොට ඇති ආගමික ශාස්තෘවරයෙකු වන බව අතිශය සාවද්‍ය අන්දමින් මෑතදී විස්තර කොට ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ඇතුළු පිරිසක් සම්බුද්ධ චරිතයෙහි ඓතිහාසිකත්වය මුළුමනින්ම පාහේ විකෘති කිරීමට පටන් ගෙන තිබෙනු දක්නට ලැබේ. එබැවින් බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වයත් උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධයත් හොඳින් පැහැදිලි කොට ඊට එරෙහිව ඉදිරිපත් කොට ඇති දුර්මත ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක කරුණු ඇසුරින් කිසිදු පදනමකින් තොර නිසැකවම සාවද්‍ය ඒවා වන බව පෙන්වා දීම සඳහාම මෙම ග්‍රන්ථය රචනා කොට තිබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.