Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය

ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය

About this book

ලෝක ප්‍රවෘත්තිකරණ ඉතිහාසයේ උසස් තත්වයක් සනිටුහන් කරන ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය, ප්‍රවෘත්තිකරණයේ එක් වැදගත් ප්‍රභේදයකි. දැනට සමාජ අවධානය යොමු වී නොමැති කරුණු, තොරුතුරු, සාධක සෙවීම, හෙළිදරව් කිරීම සහ අනාවරණය කිරීම සඳහා ප්‍රවෘත්තිකාරකයින්ගේ ස්වඅභිප්‍රාය, ස්වඅභිලාෂය පාදකව දියත් වන ප්‍රවෘත්තිකරණයේ සුවිශේෂ වූ ද අවදානම් සහිත වූ ද සක්‍රිය වූ ද ප්‍රභේදයකි. ප්‍රවෘත්තිකාරකගේ අදහසක සහ ප්‍රයත්නයක ප්‍රමුඛතාව නොමැතිව ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයක්, තිබිය නොහැකි ය. එය ප්‍රවෘත්තිකාරකගේ අදහසක සහ ප්‍රයත්නයක ප්‍රමුඛතාව නොමැතිව ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයක් තිබිය නොහැකි ය. එය ප්‍රවෘත්තිකාරක කේන්ද්‍රීය ප්‍රවෘත්තිකරණ ප්‍රවණතාවකි. විවිධ බලවේග මගින් යම් යම් හේතු නිසා මහජනතාවගෙන් වසන් කිරීමට ප්‍රයත්න දරණ සාධක, තොරතුරු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයේ මූලික අරමුණයි. සිය වෘත්තිය පිළිබඳ ගැඹුරු සමාජ සදාචාරාත්මක වගකීමක් ද සාධාරණ මානවවාදී විඥානයක් ද සිද්ධියේ පෘෂ්ඨියත්වයට සීමා නොවී එහි අභ්‍යන්තර හරය කරා විනිවිද ගෙස් නියම සහ නිසි තතු හෙළිදරව් කිරීම ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයේ කර්තව්‍ය වේ. යුක්තිවේදීභාවය, ප්‍රතිපත්තිගරුකභාවය, මානව අභිමානය, මානව වාදය, පරිත්‍යාගශීලීභාවය කෙරෙහි සම්මුති විරහිත ගෞරවය සහ විචාරාත්මක සහ විමර්ශනාත්මක චින්තනය ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයේ සුවිශේෂ ගුණාංග වන්නේ ය. 

ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය සංහතික මාධ්‍ය අධ්‍යයනයේ විශේෂ ශික්ෂණ මාර්ගයක් ලෙස එහි ඉතිහාසය, න්‍යායික, සංකල්පීය, ව්‍යවහාරික, තාක්ෂණික පදනම ඇතුළුව ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණ ක්‍රියාවලිය විද්‍යාත්මකව ගෝලීය ප්‍රමිතීන්ට අනුව පුළුල් පරාසයක් තුළ විග්‍රහ කර තිබීඹ මෙම කෘතියේ විශේෂත්වය වේ. ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය, ගෝලීය සහ ජාතික පර්යාලෝක කෘතියේ කතුවරයා වන වරුණ සංජීව ලියනගේ සිය මූලික අධ්‍යාපනය කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ඩිප්ලෝමාව මහාචාර්ය ලක්ෂ්මන් ජයවර්ධන රන් සම්මානය ද සමඟින් හිමිකර ගෙන ඇති අතර ජනමාධ්‍ය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයෙන් ද හිමි කර ගෙන ඇත. ගෝලීය ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය පිළිබඳ ජර්මනිය, දකුණු අප්‍රිකාව, නෝර්වේ ආදී රටවලින් න්‍යෘයික සහ ප්‍රායෝගික දැනුම සහ පරිචය ලබා ඇති ඔහු ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා විද්‍යුත් නාලිකා කිහිපයක විශේෂාංග ලේඛකයෙකු, උප කතුවරයෙකු, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලස ද කටයුතු කර ඇත. වරුණ සංජීව ලියනගේ මේ වන විට දෙරණ ගුවන්විදුලි නාලිකාවෙහි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. වරුණ සංජීව ලියනගේ මේ වන විට දෙරණ ගුවන්විදුලි නාලිකාවෙහි ප්‍රවෘත්ති කළමනාකරු ලෙස සේවය කරන අතර මාධ්‍ය පර්යේෂණ හා ශාස්ත්‍රීය කටයුතුවල ද නිරතව සිටියි.

ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය, ගෝලීය සහ ජාතික පර්යාලෝක, මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ විද්‍යාර්ථීන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට ප්‍රයෝජනවත් හා වැදගත් කෘතියක් වශයෙන් හඳුන්වා දිය හැකි ය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ

ශ්‍රී පාලි මණ්ඩපය

කොළඹ විශ්වවිද්‍යාලය

Details
ISBN
9786245638130
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Great book
    Rare area in journalism
    Dusha ·
Write a review

You're reviewing: ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය

Reviews are published once a member of our team has read them.