ග්ලැසියර් TRUTH
"තාත්තිට කිව්වද?” ඔහු පළමු වරට කටහඬ අවදි කළේය.
"හ්ම්... ඔව්..."
අවුලක් නෑනෙ?” ධනිර්ථ හැකිතාක් සාමාන්‍ය අයුරින් කතා කිරීමට උත්සාහ කළේ, අකීකරු වීමට තනන සිය සිතුවිලි වලටම එරෙහිව සටන් වදිමිනි.
̈නෑ...” ඔහු ඉදිරිය බලද්දීම ඈ නැවත කතා කළාය.
̈ඔයා එක්ක ගියාට තාන්ති මුකුත් කියන්නෙ නෑ ධනීත අයියා.”
"ඇයි?”
”ඉතින් එයාටමනේ ඕන මාව කොහොමහරි ඔයාට බන්දලා දෙන්න.” සිහෙල්‍යා කීවේ අවංකවය. ධනිර්ථ මුවට නැගි සිනාවෙන් යටිතොල සපාගෙන ඈ දෙස බැලුවේ දෑස් කොණිනි. ඒ බැල්මට හසුවූ ඇගේ ගත පුරා සියුම් හිරියක් දිව යද්දී ඈ හැකි ඉක්මනින් ඉවතට හැරුණේ දෙකොපුල් රත් පැහැ ගන්වාගෙනය.
එතකොට අපි සියඹලා ගෙනැල්ලම නෑහ්?” ඔහු සිනාවෙන්ම කියද්දී සිහෙල්‍යා ආපසු හැරුණි. ඔහු කියූ දේ වටහාගත නොහැකි වූ ඈ ඇහි බැමි හකුලද්දී, රත් පැහැ ගැන්වී තිබූ මුහුණට විස්මයක් එක්වුණ අයුරු ඔහු නැරඹුවේ සිත් සේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.