Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙන්දිරික්කා

හෙන්දිරික්කා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මම අතීතේ ගැන හිතලා දුක්වෙන, පසුතැවෙන මිනිහෙක් නෙමේ... ඒත් මට චාන්ස් එකක් ලැබුණොත්, පහුගිය අවුරුදු පහළොව ආපස්සට ගිහින් ජීවිතේ ආපහු මුල ඉඳලා පටන් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ... ඔයා කවදහරිම දවසක ඒ වගේ හිතනවට මම ආස නෑ. ඒකයි මෙච්චර කියන්නේ.”

ඔහු ඇගේ දෑස දෙසම බලාගෙන කියද්දී බිම බැලූ ඈ තවත් තත්පර කිහිපයක්ම නොසැලී උන්නාය. රවිශංක ඇගේ මුහුණේ වෙනස්වන ඉරියව් දෙස බලා හිඳ ඒ හිස මතින් වමත තබද්දීම ඈ එක්වරම හිස එසවීය.

''මම දැනුත් එහෙම හිතනවා...”

''කොහොමද? ̋

ඔහු සිය අත ඉවතට ගෙන අසද්දී, අසේකාගේ මුහුණේ සටහන්ව තිබූ හිතුවක්කාර, දරදඬුකම රවිශංකගේ දෙතොලට සිනාවක් ගෙනාවේ ආයාසයක් නැතුවමය.

"අවුරුදු හතලිහක් විතර ආපස්සට ගිහින් ඉපදෙන්න.”

ඔහු සිනාසුණේ වාහනය දෙදරන තරම් සද්දෙනි.

“බැහැපන්! උඹ මහ හිතුවක්කාර කෙල්ලෙක්.” ඔහු කීවේ සිනාවේ අඩුවක් නැතුවය.

උසාවියට යන්නට ඇඳ උන් සුදුපාට අත් දිග කමිසයට ඕනෑවටත් වඩා මතු වී පෙනුණ ඔහුගේ කඩවසම්කම, ඒ හිනාවෙන් දෙතුන් ගුණයක් වැඩි වී පෙනෙද්දී ඈ ඔහු දෙස බලා උන්නේ වශී වෙමිනි.

ISBN
9786246596491
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෙන්දිරික්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.