Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පළිඟු පබළු

පළිඟු පබළු

About this book

මාධි. මම ඔයා ගැන දන්නවා... මෙච්චර කාලයක් සිද්ධ උන හැම දෙයක්ම මම දන්නවා.

ඔහු කියද්දී ඈ හැරී නොබලා උන්නේ අසීරුවෙනි. එක්වරම දැවීගෙන ආ දෑස් මේසයට හැරවූ මාධුර්යා අසා උන්නාය.

''ඒ වෙච්ච හැම දේකටම මට සමාවෙන්න මාධි...'' ඈ ගැස්සුණි. ඔහුගේ වදන් තුළ වූ අවංක පසුතැවීම හැඳිනු ඇගේ සිත එක්වරම ගිනි ජාලාවකට හසුවුණේ අතීතය සිහිකරවමින්ය.

''ඔයාට සිද්ධ උන හැමදේකටම වැරදිකාරයා මම..”

ඔහු පහසුවෙන්ම තමා මත වරද පටවා ගනිද්දී ඇය ඉවත බැලුවේ තෙමුණ දෑසිනි. තමාට සිදු වූ දේවල් වලට වැරදිකරු කවරෙක්දැයි නොදත් නමුත් ඒ වැරදි දේශිතට පවරන්නට ඇයට ඕනෑකමක් නොවීය.

“ඔයාගේ වැරැද්දක් නෑ දේශ්. කාගෙවත් වැරදි තමන්ගේ පිට පටවගන්න හදන්න එපා.”

"ඒක කාගේවත් වැරැද්දක් නෙමෙයි මාධි. ඒක මගේ වැරැද්ද, මට හයියක් තිබුණේ නෑ ඔයාව මගේ කරගන්න.. එකෙන් කොහෙවත් ඉඳපු මිනිහෙක්ට චාන්ස් එකක් ලැබුණා.''

ISBN
9786246596309
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පළිඟු පබළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.