පළිඟු පබළු
මාධි. මම ඔයා ගැන දන්නවා... මෙච්චර කාලයක් සිද්ධ උන හැම දෙයක්ම මම දන්නවා.
ඔහු කියද්දී ඈ හැරී නොබලා උන්නේ අසීරුවෙනි. එක්වරම දැවීගෙන ආ දෑස් මේසයට හැරවූ මාධුර්යා අසා උන්නාය.
''ඒ වෙච්ච හැම දේකටම මට සමාවෙන්න මාධි...'' ඈ ගැස්සුණි. ඔහුගේ වදන් තුළ වූ අවංක පසුතැවීම හැඳිනු ඇගේ සිත එක්වරම ගිනි ජාලාවකට හසුවුණේ අතීතය සිහිකරවමින්ය.
''ඔයාට සිද්ධ උන හැමදේකටම වැරදිකාරයා මම..”
ඔහු පහසුවෙන්ම තමා මත වරද පටවා ගනිද්දී ඇය ඉවත බැලුවේ තෙමුණ දෑසිනි. තමාට සිදු වූ දේවල් වලට වැරදිකරු කවරෙක්දැයි නොදත් නමුත් ඒ වැරදි දේශිතට පවරන්නට ඇයට ඕනෑකමක් නොවීය.
“ඔයාගේ වැරැද්දක් නෑ දේශ්. කාගෙවත් වැරදි තමන්ගේ පිට පටවගන්න හදන්න එපා.”
"ඒක කාගේවත් වැරැද්දක් නෙමෙයි මාධි. ඒක මගේ වැරැද්ද, මට හයියක් තිබුණේ නෑ ඔයාව මගේ කරගන්න.. එකෙන් කොහෙවත් ඉඳපු මිනිහෙක්ට චාන්ස් එකක් ලැබුණා.''
| Author | පාලි මුණසිංහ - Paali Munasinghe (6) |
|---|---|
| Publisher | නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (136) |
| ISBN | 9786246596309 |
|---|---|
| පිටු ගණන | 352 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




