Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අළු කටරෝළු 1

අළු කටරෝළු 1

About this book

"මෙච්චර කල් එකට හිටියා.. කවදාවත් කිව්වෙ නෑ මගේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලාවත්. ''

ඔහු නෝක්කාඩුවෙන් කීවේ ඇයව තව අවුස්සාගන්න සිතමිනි.

“ඒක ඉතින් මම කියන්න ඕනයෑ... රටම දන්න දෙයක්නෙ..''

̈ හාකො හාකො... හැබැයි මට කෙනෙක් මැසේජ් කරල නම් එහෙම කියල තියනවා...”

“කවුද?” ශ්වේතා හිතට නැගුණ තැතිගැන්ම නොපෙන්වා ඇසීය.

''ගෑණු ළමයෙක්. හැමදාම මැසේජස් එවපු.. ලස්සන සින්දු හෙම තෝරලා එවපු..”

''එක ගෑණු ළමයද හිටියෙ?"

"නැහ්.... මට එයා තෝරල එවන සින්දු නිසා මතක තිබුණා වැඩියෙන්....”

ඈ යටිතොල සපාගෙන ලැප්ටොප් තිරයට එබෙද්දී ශෙවීන් සිනාසුනේ වහලයටය.

''එයාගෙ මැසේජස් නැතුව දැන් ප්‍රෝග්‍රම් එක පාලුවෙලා...”

''අපරාදේ... හොයාගෙන යන්න තිබුනේ...." ශ්වේතා ඔහුගේ මුහුණ නොබලා කීවේ තවත් ඒ මුහුණ බලාගෙන කතා කරන්න බැරිවය.

"එහෙම තමා හිතාගෙන ඉන්නෙ, ඒත් කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑනෙ''

”ආහ්.. එතකොට මේ හොයාගෙන යන්නෙ කසාද බඳින්නද?"

“ඒකත් බැරි නෑ...”

ශෙවීන් නිකම්ම කියා දමද්දී ඇයට උන්හිටිතැන් අමතක වුණෙන් ඈ තවත් ටිකක් ලැප්ටොප් තිරයට මුවා වුණේ ගැහෙන පපුවට අතකුත් තබාගෙනය. 'මේකාට නම් තියෙන්නෙ කටක් නෙමේ.... හරිනෙ ඉතින්... ගිරා කටක්නෙ.... වරූගෙ දිවැසට පෙනුන ඔක්කොම ඇත්ත වෙන්න යන්නෙ දෙයියනේ'... ඈ හිතමින්ම සැඟවී උන්නේ ඔහුගේ මුහුණ බලන්න අසීරුවෙනි.

''ජිංගල් එක දානවා..ඕක අස්සෙන් එළියට එන්න... හොයාගෙන එන්නෙ නෑ... ''

ඔහු ගාණක් නැතුවම කියා දමා හෙඩ්ෆෝන් පැළඳ ගනිද්දී ඈ තවත් ටිකක් මුහුණ සඟවා ගත්තේ ලැප්ටොප් තිරය පිටුපසය.

ISBN
9786246596149
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අළු කටරෝළු 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.