අළු කටරෝළු 1

Special Price රු. 1,760.00 Regular Price රු. 2,200.00
In stock
SKU
alu-katarolu-1-paali-munasinghe-nohandunanni-publishers

"මෙච්චර කල් එකට හිටියා.. කවදාවත් කිව්වෙ නෑ මගේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලාවත්. ''

ඔහු නෝක්කාඩුවෙන් කීවේ ඇයව තව අවුස්සාගන්න සිතමිනි.

“ඒක ඉතින් මම කියන්න ඕනයෑ... රටම දන්න දෙයක්නෙ..''

̈ හාකො හාකො... හැබැයි මට කෙනෙක් මැසේජ් කරල නම් එහෙම කියල තියනවා...”

“කවුද?” ශ්වේතා හිතට නැගුණ තැතිගැන්ම නොපෙන්වා ඇසීය.

''ගෑණු ළමයෙක්. හැමදාම මැසේජස් එවපු.. ලස්සන සින්දු හෙම තෝරලා එවපු..”

''එක ගෑණු ළමයද හිටියෙ?"

"නැහ්.... මට එයා තෝරල එවන සින්දු නිසා මතක තිබුණා වැඩියෙන්....”

ඈ යටිතොල සපාගෙන ලැප්ටොප් තිරයට එබෙද්දී ශෙවීන් සිනාසුනේ වහලයටය.

''එයාගෙ මැසේජස් නැතුව දැන් ප්‍රෝග්‍රම් එක පාලුවෙලා...”

''අපරාදේ... හොයාගෙන යන්න තිබුනේ...." ශ්වේතා ඔහුගේ මුහුණ නොබලා කීවේ තවත් ඒ මුහුණ බලාගෙන කතා කරන්න බැරිවය.

"එහෙම තමා හිතාගෙන ඉන්නෙ, ඒත් කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑනෙ''

”ආහ්.. එතකොට මේ හොයාගෙන යන්නෙ කසාද බඳින්නද?"

“ඒකත් බැරි නෑ...”

ශෙවීන් නිකම්ම කියා දමද්දී ඇයට උන්හිටිතැන් අමතක වුණෙන් ඈ තවත් ටිකක් ලැප්ටොප් තිරයට මුවා වුණේ ගැහෙන පපුවට අතකුත් තබාගෙනය. 'මේකාට නම් තියෙන්නෙ කටක් නෙමේ.... හරිනෙ ඉතින්... ගිරා කටක්නෙ.... වරූගෙ දිවැසට පෙනුන ඔක්කොම ඇත්ත වෙන්න යන්නෙ දෙයියනේ'... ඈ හිතමින්ම සැඟවී උන්නේ ඔහුගේ මුහුණ බලන්න අසීරුවෙනි.

''ජිංගල් එක දානවා..ඕක අස්සෙන් එළියට එන්න... හොයාගෙන එන්නෙ නෑ... ''

ඔහු ගාණක් නැතුවම කියා දමා හෙඩ්ෆෝන් පැළඳ ගනිද්දී ඈ තවත් ටිකක් මුහුණ සඟවා ගත්තේ ලැප්ටොප් තිරය පිටුපසය.

Author පාලි මුණසිංහ - Paali Munasinghe (6)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (136)
More Information
ISBN 9786246596149
පිටු ගණන 560
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අළු කටරෝළු 1
Back to Top