Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අළු කටරෝළු 2

අළු කටරෝළු 2

About this book

”ඔයා තවත් මොනවද මගෙන් දැන ගන්න හදන්නෙ?” ඔහුගේ ස්වරයට කළකිරීමක් එක් වෙද්දී ශ්වේතා වෙව්ලා ගියාය. "ඔයාට මොනවද දැනගන්න ඕන? මම බිව්වම ඉන්නේ ඩිලුෂ්ක කියලද? මොකද්ද දැනගන්න ඕන?”

කිසිදු කෝපයක් නොමැති කළකිරුණු හඬින් අහද්දී ඈ ඔහුට ළංවුණේ නිකම්මය.

"මම එහෙම දෙයක් හිතුවෙ නෑ සුදු..''

''නෑ ඔයා හිතුවා.. තාමත් හිතනවා... ඒකනෙ මට නොකියන්නේ...”

ශෙවීන් කෝප නොගෙන උන්නේ අසීරුවෙනි. ශ්වේතාගේ දෑසට කඳුළු පිරී ආවේ බලා ඉද්දීය.

"සුදූ. දැන්වත් ඔයා ඔයාවම පහතට දාන එක නතර කරන්න... ඔයාව මට මදි කියල හිතන එක නවත්තන්න.”

ඔහු පෙරදා රැයේ ඇගේ අභ්‍යන්තර සිතුවිලි කියවද්දී ශ්වේතා අසා උන්නාය.

''මම හොඳ සිහියෙන් ජීවිතේ විඳින්න ආස මනුස්සයෙක්. ඔයා එක හොඳටම දන්නවා සුදූ.. ඔයා හිතනව නම් මම බිව්වම ඉන්නේ ඇත්තම ඩිලුෂ්ක කියලා, ඒක වැරදියි.. ඩිලුෂ්ක කියන්නේ ඔයා මේ දකින කෙනා සුදූ. මේ ගෙදර, මේ කාමරේ ඇතුළෙ ඉන්න මනුස්සයා... ඔයා දැන් මේ ඉන්නේ ඒ මනුස්සයා එක්ක... මෙතනට ඔයා එක්ක ආවට පස්සෙ මට අමුතුවෙන් මවලා පෙන්නන්න දෙයක් නෑ.. පුලුවන් නම් තේරුම් ගන්න... ඊට වඩා කියන්න මම දන්නෙ නෑ. මට වෙන ඕනම දෙයක් ඔයාට තේරුම් කරන්න පුලුවන්. මම කොහොමද මේක තේරුම් කරන්නෙ?”

ISBN
9786246596156
පිටු ගණන (Pages)
606
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අළු කටරෝළු 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.