වැස්සක්ව වැටෙන තුරු
"Loving isn't difficult" what's truly hard is finding the right person to receive your love.”
ඒ සුදු කොළයේ මා අතින් එසේ ලියවී තිබිණ. ඉතින් කාට හෝ ආදරය කිරීම... එය කිසිදා දුෂ්කර කාර්යයක් නොවීය. මගේ හදවත සෑම විටම දන් දෙන්නේ කෙසේදැයි දැන සිටියේය. සම්පූර්ණයෙන්ම, නිර්භීතව සහ කොන්දේසි විරහිතව ආදරය දෙන්නට එය සූදානම්ය. සැබවින්ම දුෂ්කර දෙය නම් ඒ ආදරය දකින, රකින සහ එය මෘදු ලෙස අල්ලාගෙන, මා සමග රැදෙන්නට සුදුසු එකම ආත්මය සොයා ගැනීමයි. එය ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිමද යත්, අපව බිඳ දමන්නේ ආදරය කිරීමේ ක්‍රියාව නොවන බවත්, එය වැරදි අත්වලට හසු වීම බවත් මම දැන සිටි නිසාවෙනි. අවසානයේදී මගේ ආදරය ලැබීමට සුදුසු ගැහැනිය හමු විය. නමුත් මෙය මේඝනාට තේරුම් කරනා හැටියක් මම නොදැන උන්නෙමි. ඈ මුරණ්ඩුය. මගේ සියලු ආත්ම පාපොච්චාරණයන් අසා උන්නද කිසිම මොහොනක ධනාත්මක පිළිතුරක් නොදෙන්නීය.
“ඔයා මොනවද මට කියන්න හදන්නේ නේත්‍ර “”
එවැනි බැරෑරුම් කතාබහක් අතරතුර හිටි ගමන් ඇගේ ඇස් එලෙස විමසයි. මම ඒ පැනයට ඉක්මනින් පිළිතුරක් දිය යුතුව පිළිතුර තිබිණි.
''ආදරේ නරක නෑ, සමහර මිනිස්සුයි නරක”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.