සුසුම නුඹ
"සයුරු...”
"ම්...” මහා කඩා වැටීමකින් යුතුව ඔහු න්ම් හඬක් නැගුවේය. මගේ සිත තුළ තිබි සිතිවිලිවලින්ම දැන් ඔහුද දැවෙන වගට සැකයක් නැත. ඉදින් මා දන්නා සයුරු එහෙමය. වැරදි කර තිබුණද කවදත් ඔහු සඳෝත්තමාගෙන් මිදෙන්නට කැමති වූ මිනිසෙකු නොවේ.
*තව පැය හත අටකින් එළි වෙනවා...” මම ඔහුට එලෙස අනතුරු ඇඟවුවෙමි.
ඔහු වුවමනාවෙන් මදෙස හැරී බැලුවේය. ඒ දෑස්වල පෙට්‍රොල් ලන්ටෑරුමේ එළියට දිලිසෙන මද තෙත ගතියක් වෙයි. මට අතීතයේ සයුරු සිහි විණි. අපගේ වෙන්ව යෑම් අසල මුලින්ම කඳුළු ඉස්සර කරගන්නේ ඔහුය. මම හැමදාම හඬා ඇත්තේ තනිව සහ මගේ හොඳම මිතුරිය වූ දේවනී සහ අම්මා එක්කය. ඉතින් එය නොදුටු සේ මම ඔහු අසලින් නැගිට ගත්තෙමි. පියවරක් දෙකක් ඈතට ගොසින් සිනාසී වටයක් කැරකුණෙමි.
"මං ලස්සනද...? මේ... තව ඔයා ගෙනැත් තිබුණු ඇඳුමක් මම ආයෙ නාලා ඇඳගත්තේ...”
ඔහුගේ දෑස් මත වූ තෙත ඒ තුළම වියළන්නට මම කුඩා දැරියක සේ හැසිරුණෙමි. ඒ මත් දෑස්වලට කොහොමටත් කඳුළු රිසි නොවේ. ඒවා හැම විටම තිබිය යුත්තේ මා කෙරෙහි වූ දරුණු තෘෂ්ණාධික හැඟුමකින් ගිනිගෙනය.
"මගෙ මැණික තමයි ලස්සනම!”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.