About this book
කාලිෆ්වරයාගේ මාළිගය හඳුන්වන ලද්දේ රාජ සභාව නමිනි. ඔහුට ගුරුහරුකම්දීම සඳහා වෛද්‍යවරුන්, නීතිඥයින්, බැංකුකරුවන් වැනි පිරිස් එහි විය. කොටින් ම, බැග්ඩෑඩ් නගරය යහපත් ලෙස පාලනය කිරීම සඳහා අවැසි සෑම අන්දමක ම මිනිසුන් ඔහුගේ රාජ සභාව සතු විය. එය ඉතා අගනා මධ්‍යස්ථානයක් වූ අතර ධනවත් ම, බලවත් ම සහ බුද්ධිමත් ම පිරිස් එහි දී මුණගැසුණි. මෙම කාලසීමාවේ දී රාජ සභාවේ පෙනී සිටි පුද්ගලයන් අතර වඩා ම ප්‍රසිද්ධ තැනැත්තා වූයේ ගෝහා ය. ඔහු එම සභාවේ කවියා මෙන් ම කවටයා ද විය. (අපේ රටේ සිටියා යැයි කියන අන්දරේ ට හෝ අරාබිකරයේ ම නස්රුදින් ට සම කළ හැකිය.) කවටයකු යනු තමා විසින් කරන කියන දෑ මගින් අන්‍යයන් තුළ හාස්‍යයක් බිහි කරන්නෙකි.
Details
ISBN
9786245638697
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review