ගොළු මාමාගේ තෑග්ග
ළමා මනස සංවර්ධනයෙහිලා තම නිර්මාණාත්මක හැකියාවන් උපයෝගී කර ගනිමින් චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය ‛ගොළු මාමගෙ තෑග්ග සහ තවත් ළමා නාට්‍ය’ කෘතිය ළමා ලොවට තිළිණ කිරීම සැබැවින්ම අගය කරමි.
විවිධ පැතිකඩයන් ඔස්සේ අධ්‍යයන කාර්යයේ වගකීම සහ වගවීම මැනවින් හඳුනාගත් ඇය කවිය, ගීතය, කෙටිකතාව සහ ළමා නාට්‍ය ක්‍ෂේත්‍රයන්වල පාන පෙළහර අපූරුය.
දරුවන් තුළ සැඟව ඇති සහජ දක්‍ෂතාවයන් හඳුනා ගනිමින් ඒවා ඔනංවාලීමට ඇය කරන කැපකිරීම බාලදක්‍ෂ ගුරු උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද කාලය තුළදී කැපී පෙනුණි.
උපාධිධාරී ගුරුවරියක, ගුරු උපදේශිකාවක, විදුහල්පතිවරියක, බාලදක්‍ෂ ගුරු පාඨමාලා අධ්‍යක්‍ෂවරියක ලෙස දශක කිහිපයක හසල අත්දැකීම් සහිතව ඇය නිර්මාණකරණයේ යෙදීම අතිශයින් වැදගත්ය.
ළමා මනස යහපත් චර්යාවන් කෙරේ යොමු කිරිමටත් ළමා මනස කරා කුතුහලය, විනෝදාස්වාදය සහ යහගුණදම් ශේෂ කරමින් ඔවුන්ගේ සිත් සතන් ඇද බැඳ ගැනීමටත් මෙම කෘතිය තුළින් සමත්වනු ඇත.
දැයේ දරුවන් වෙනුවෙන් තව තවත් මෙවැනි නිර්මාණ ජනගත කරන්නට චන්ද්‍රිකා ජයකොඩි මහත්මියට ශක්තිය ධෛර්යය ලැබේවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.