Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ගුත්තිල කාව්‍යය

ගුත්තිල කාව්‍යය

About this book

වැත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයට පාදක වු ජාතක පාළිය, ජාතකටඨ කථාව සහ සිංහල පන්සිය පනස් ජාතක පොත් හා සසඳා බැලීමක් මෙහි ඇතුලත් වෙයි. එක් එක් කවියක් ගැන පද පිළිවෙළ, අදහස, හා නුහුරු පද විග්‍රහයක් ඊළඟට සඳහන් වෙයි.

මෙම කාව්‍යයේ ඇතුළත් වර්ණනා හා කතාවේ කොටස් වෙන් වශයෙන් ගෙන විග්‍රහයක් ද වෙයි. මෙම කාව්‍යය හා සම්බන්ධතාවයක් දක්වන හයවන පරාක්‍රමබාහු යුගය ගැනත්, ආරාධකයා වන සලාවක ජයපාල මැතිඳුන් ගැනත් මහාවංශය , යටගිය දවස , ලංකාව හා තදාශ්‍රීත රාජ්‍යයෝ යන ඉතිහාස පොත්වල උපුටනයක් ද දැක්වෙයි. ව්‍යක්තයන්ට මෙන් ම ආධුනිකයනටත් වැදගත් වන විරිත, රිද්මය, ධ්වනිය, අර්ථාලංකාර හා ශබ්දලංකාර ගැනත් වෙන වෙනම විග්‍රහ කෙරෙයි.

කවියාගේ විශේෂ දක්ෂතා ගැන මෙන්ම දුබලතා ගැනත් සඳහන් කරන්නට සිදුවෙයි. සිංහල ඛණ්ඩකාව්‍යාවලිය තුළ මුදුන් මිණ ගුත්තිල කාව්‍යය බව ද ප්‍රතක්ෂ කෙරෙයි.

ISBN
9789553112699
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගුත්තිල කාව්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.