Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හද සක් චාරිකා

හද සක් චාරිකා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇඳුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන් වෙයි. කමිසවල වූයේ ප්‍රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි.
පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය.
ඉතා මිටි මිනිසකු හා රැඟුමේ යෙදෙන නිමල් ඔහු නෙත ගැටෙයි. ඒ මිටි මිනිසා ගැන ඔහුට ඇත්තේ වෙනත් ආත්මයක මතකයකි. වොවෝකා අජ්මාල් සමඟ රැඟුමේ යෙදෙනු දැක ඔහු මවිත වෙයි. රැවුල දිගට වවා සිටි ඔහුගේ හිසේ වූයේ තලප්පාවකි.
ඉන්පසු ඔහු නෙත ගැටෙන්නේ ප්‍රාතිහාර්යයකි.

ශක්තිමත් සිරුරකින් යුත් උස මිනිසකු අසාමාන්‍ය රැගුමක යෙදෙමින් නිමල් සහ ගුණේගෙන් මිදී ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි.

ඔව්. දැන් ඔහුට මිට්ටාගේ නම මතකය. එහෙත් ඔහුගේ අවධානයට ලක් වනුයේ හිස සහ අත් ඉහළට ඔසවමින් රැඟුමේ යෙදෙන ගුණේ වෙත නොව රාජාලියකුගේ රුවක් සහිත රතු සහ කහ පැහැති කමිසයකින් සැරසී දෑත් ඉදිරියට දිගු කරගෙන කිසියම් කෙනෙකු ග්‍රහණය කර ගැනීමට මෙන් රැඟුමේ යෙදෙන තම පියා ය.

Details
ISBN
9786242041131
පිටු ගණන (Pages)
427
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හද සක් චාරිකා

Reviews are published once a member of our team has read them.