හද පහන
'ඉන්දියාවට ඉහළම සාහිත්‍ය සම්මානයක් දිනා දුන්, ක්‍රියාකාරිනියක, මුස්ලිම් කාන්තා වීරවරියක සහ නීතිඥවරියක වන බානු මුෂ්ටාක් විසින් රචිත, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ අනුස්මරණීය පළමු කතා සංග්‍රහයයි.' ENGLISH PEN
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රමුඛපෙළේ ප්‍රගතිශීලී ලේඛිකාවකි. NEW AGE ISLAM
බානු මුෂ්ටාක් 'හද පහන' කෘතියෙන් දකුණු ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාවන්හි කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ එදිනෙදා ජීවිතය විශිෂ්ට ලෙස ග්‍රහණය කරගනී. 1990 සහ 2023 අතර කාලයේ මුලින්ම කන්නඩ භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මේ කතාවල අන්තර්ගත කර්කශ හා සෞම්‍ය හාස්‍යය නිසා ඒවා දැඩි සම්භාවනාවට පාත්‍ර වුණි. පවුල් සහ ප්‍රජාවන් තුළ පවතින ආතතීන් මූර්තිමත් කෙරෙන එම කතා මුෂ්ටාක් මාධ්‍යවේදිනියක සහ නීතිඥවරියක ලෙස කටයුතු කළ කාලය පුරා ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිට ජයග්‍රහණ අත්පත් කරදෙමින්, සියලු ආකාරයේ කුල හා ආගමික පීඩනයන්ට විරෝධය පළ කළ අයුරු සාක්ෂි සහිතව ගෙනහැර දක්වයි. හාස්‍යෝත්පාදනය, සජීවී බව, කතා ව්‍යවහාරානුගතබව, කම්පනය කරමින් හංවඩු ගසනසුලුබව එකවිට නිරූපණය කරන ශෛලියකින් ඇය තම චරිත පණපොවයි ගිනිපුපුරු වැනි දරුවන්, නිර්භීත ආච්චි අම්මලා, බහුබූත මවුලවිවරුන්, මැර සොහෝයුරන්, බොහෝ විට අසරණ ස්වාමිපුරුෂයන් සහ සියල්ලන්ටම වඩා මහත් වන්දියක් ගෙවමින් තම හැඟීම් නොනැසී පවත්වා ගන්නා මව්වරුන් ගැන ලියන මුෂ්ටාක් විස්මයජනක ලේඛිකාවක සහ මිනිස් ස්වභාවය නිරීක්ෂණය කරන්නියක ලෙස ඉස්මතු වෙයි. ඇගේ කෘතිය ඉන්දියාවේ ගතානුගතික පාර්ශ්වයන්ගෙන් මෙන්ම කීර්තිමත් සාහිත්‍ය සම්මානවලින් ද අපවාදයන්ට ලක්ව ඇත. මෙය වසර ගණනාවක් පුරා පාඨකයන්ගේ නොමද අවධානය දිනාගන්නා කෘතියක් බවට පත්වනු නොඅනුමාන ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.