හෘද විස
"අක්කේ... අක්කේ..." ශ්‍රියාලතා එළියට විත් බැලුවාය. ශ්‍රියාලතා පසුපස බිසෝ නෝනාත් පොඩි සයිමන් අප්පුත් පැමිණියහ.
"ආන්න අර එහා ගමේ මහ බෝක්කුව යට නිශාදිනි අක්කාව මරලා දාලා..."
"මුදලාලි, ඔය කඩේ වහලා දාලා යමු මරණේ බලන්න... පේන විදිහට අර නිශාදිනි නෝනාලු.... පව් අහිංසක කෙල්ල..." ශෝකයට පත් සභාපති මුදලාලිහට කීවේය.
"මගේ කකුල් දෙකත් එක්ක පණ නැති වුණා මේක ඇහුවම..." හීන් බංඩා මාමා කීවේය. හනික කඩය වසා දමා මුදලාලි අන් අයත් සමඟින් මරණෙ සිදු වී ඇති දෙසට දුවන්නට විය.
----------------------------------------
"මොකද රංජනියෝ, උඹ යකෙක්වත් දැක්කද මද්දහනේ?" ජගත් අසා සිටියේ විමතියෙනි.
"යකෙක්...යකෙක් නෙවෙයි රාජයෙක්...අම්මෝ..." රංජනිට කියවිණි.
"මොන හරුපයක්ද බන් කියන්නේ..." වතුර වීදුරුව තමා අතට ගෙන එය අසල වේවැලෙන් ගෙතූ ලී පුටුවේ ඇන්ද මත තබමින් ජගත් ඇසුවේය.
"ඔව් මම... මම එද්දි වෙලේ නියරේ ලකේට හැදුණු මුගුණුවැන්න ගාලක් දැක්කා...
මම ඒක දැක්කා විතරයි හනික නියරට පැනලා කඩාගෙන මේ පන් මල්ලට දාගත්තා....
අන්තිමේ එන්න හදද්දි මට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා.."
"බුදු අම්මෝ... මතක් වෙද්දිත් මගේ ඇඟ හීතල වෙලා යනවා....
ඌ නම් රාජයෙක්... ඔව් නාග රාජයෙක්..."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.