Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හයේ වාට්ටුව සහ තුන් අවුරුද්ද

හයේ වාට්ටුව සහ තුන් අවුරුද්ද

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

‘හයේ වාට්ටුව’ කෙටි නවකතාව පුවත්පත් සඟරාවල උද්‍යෝගි වාද- විවාදයන්ට පාත්‍ර විය. ප්‍රගතිශීලි උගත් ජනතාව කතාව පිළිගත්තේ ප්‍රීතිප්‍රමෝදයෙනි. මේ කතාව මඟින් නිෂ්ක්‍රිය දර්ශනවාදය ද රජයන කුරිරු දාමරික අත්තනෝමතික ක්‍රමය සමඟ පෑහීම ද තියුණු විවේචනයට හසු කරන බව රුසියාවේ සිතන්නට සමත් සියල්ලෝ දුටුවාහ.

"චලෝද්යා (ලෙනින්), බෙහෙවින් චෙකොෆ් ප්‍රිය කෙළේ ය. ‛හයේ වාට්ටුව’ කතාවේ කුසලතාව ද එය තමා තුළ දැනවූ චමත්කාරය ද ඔහු පළ කෙළේ මෙ වන් වදන්වලිනි. ‘ඊයේ සවස මම හයේ වාට්ටුව කතාව කියවූ විට මා තුළ කො තෙක් බියක් හටගත්තේ ද යත් මගේ කාමරයෙහි මට තවත් නො සිටිය හැකි විය. මම නැඟිට බැහැර ගියෙමි. හයේ වාට්ටුවෙහි මා දමා ඇත්තේ ය යන හැඟීම මා තුළ ඉපදිණි.

- ඒ. ඊ. උලියානවා එලිසාරවා

“ඔබේ හයේ වාට්ටුව ගැන මම කෙසේ නම් කෘතඥතාව පළ කරම් ද? ඒ කෘතිය ජනනය කරවන හැඟීම් කො තරම් බලවත් ද? මේ තරම් සරල, චාන්, සුළු අන්තර්ගතයකින් යුතු කතාවකින් මිනිස් සංහතියේ අතිශය ගැඹුරු ජීවන දැක්මන් මතු කොටලීම වටහාගත නොහැකි තරම් ය. එ වන් මහඟු කතාවක් මම කෙසේ නම් අගය කරම් ද ?”

- ඊ. ඒ. රේපින්

*හයේ වාට්ටුව කතාවෙහි රුසියානු පරිපාටිය හා චරිත ඉතා ම සියුම් විලාසයකින් නිරූපනය වී තිබේ. හයේ වාට්ටුව පුරා ම ඇත්තේ රුසියාවයි... හයේ වාට්ටුව - රුසියාව යි ” - එන්. සී. ලෙස්කප්

“මා හිතුවේ එකකි. එහෙත් බිහි වූයේ අනිකකි. ඈලි මෑලි දුහුල් කතාවක් බිහි විය. ඒකාකාර දේවල් මට දැන් එපා වෙලා. භයංකර, රකුසු ගැහැනුන්, මායාකාරියන්, යස්සණියන් ගැන ලියන්නට මට සිතෙයි. එහෙත් සාමාන්‍ය ජීවිතය ගැන ලියන ලෙස මගෙන් ඉල්ලති.”

- ඇන්තන් චෙකොෆ්

ISBN
9559170856
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හයේ වාට්ටුව සහ තුන් අවුරුද්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.