ප්‍රපාතය - කළු සිවුරුදර භික්ෂුව
වසර 1890 දී ඇන්ටන් චෙකෝෆ්, සිරකරුවන් රඳවා සිටි සකාලින් දූපතට ගොඩබිම හරහා ගොස් එතැන් සිට නෞකාවෙන් ලංකාව හරහා ආපසු සියරට බලා ගිය දීර්ඝ ගමනින් පසු ඔහු ගේ සාහිත්‍ය දෘෂ්ටිය ද වෙනස් කිරීමට සමත් වූ අත්දැකීම් සම්භාරයක් ලැබී ය. ලංකාවේ ගත කළ දින කීපය තුළ දී ඔහු දුම්රියෙන් මහනුවර බලා ගොස් එක් රැයක් 'ක්වීන්ස්' හෝටලයේ නතර වී සිටියේ ය. ඇතැම් විට ඔහු දළදා මාලිගයට ද යන්නට ඇති අතර නිසැකයෙන් ම බුදු දහම ගැන ලංකාවේ දී තොරතුරු එක්රැස් කර ගන්නට ඇත.
මෙම ගමනින් පසු 1890 සිට 1904 දක්වා චෙකෝෆ් අතින් බිහි වූ නිර්මාණ ඔහු ගේ පරිණත යුගයට අයත් කෘති ලෙස සැලකෙන අතර මෙම කතා සංග්‍රහයට ඇතුළත් 'ප්‍රපාතය' හා 'කළු සිවුරුදර භික්ෂුව' යන කෙටිනවකතා ගණයට වැටෙන නිර්මාණ ද්වය ඔහු ගේ විශිෂ්ටතම කෘති දෙකක් ලෙස සැලකේ.
අහිංසක, දුප්පත් ගැමියන් වෙසෙන පිටිසර ගමක වෙළෙඳ සලක් පවත්වාගෙන යන සිබුකින්, ගැමියන් ගසා කන සැටි කියැවෙන 'ප්‍රපාතය' (In The Ravine) කතාවත් වසර දහසකට පසු අහසින් වඩින භික්ෂුවක් ගැන කියැවෙන පුරාවෘත්තයක් අළලා රචිත 'කළු සිවුරුදර භික්ෂුව' (The Black Monk) කතාවත් විශේෂයෙන් ම ලාංකික පාඨක අපට අතිශය වැදගත් වන්නා වූ නිර්මාණ දෙකකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.