Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිතට දුකයි ආදරියේ 1 සහ 2

හිතට දුකයි ආදරියේ 1 සහ 2

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

“අ.අනේ අශී. ඔයා යන්න.ඔයා යන්න”

ෆර්ෂානාගෙ කටහඬ මට හීනෙකින් වගේ ඇහුනා. ඒ එක්කමයි සීතලම සීතල දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ.හුස්ම ගන්න ඩිංගෙන් ඩිංග අමාරු වෙද්දි මං බඩ දිහා බැලුවා.නවාස් අතේ තිබ්බ දිග පිහියෙ මිට විතරයි මං දැක්කෙ.පිහියෙ මුවහත් තලය ඔක්කොම වගේ මගේ ඇඟ ඇතුලට කිඳා බැහැල තිබුණා.

“උඹ ඔය ටික කර ගන්නනෙ මෙච්චර කල් දැඟලුවේ.. ආ.. යකෝ.. උඹව මරල මිසක මට ෆර්ෂානාව අයිති වෙන්නෙ නෑ කියල මං දැන් දන්නවා. උඹව පණ පිටින් තියන්නෙ නෑ අවිෂ්ක..මොකද උඹට පිහියෙන් ඇන්නට..මං කොහොමත් රිමාන්ඩ්.ඒක හින්ද මං උඹව මරලම හිරේට යනවා...”

මුළු ලෝකෙම යාන්තමට වගේ අඳුරු වෙලා මට පෙනෙද්දි, නවාස් ආයෙත් පිහිය ඇඳල ගත්තා.ජීවිතේ කිසිම දවසක විඳපු නැති වේදනාවක් බඩ ඇතුලෙන් දැනෙද්දි මට ඉබේටම කෑ ගැහුනා. තවත් පිහි පාරක් මගේ ඇඟ හාරගෙන ඇතුලට යද්දි තව දුරටත් කෙලින් ඉන්න තරම් ශක්තියක් මට තිබුණෙ නෑ.

“මාව මැරුවා කියල උඹට ෆර්ෂිව ගන්න බෑ නවාස්. එයා උඹව බල්ලෙක් වගේ එළවා ගනියි.”

“උඹ ගෑණු ගැන දන්නෙ නෑ යකෝ..උඹ ගෑණු ගැන දන්නෙ නෑ.මට උඹ ගැන දුකයි.උඹට හිටපු විදියටම ඉන්න තිබුණා. උඹ ඇයි එහෙම හිටියෙ නැත්තෙ.?උඹ ඇයි අපේ මැද්දට ආවෙ?..උඹ එහෙම ආවෙ නැත්තම් මං මේ වෙනකොට ෆර්ෂානාව බැඳලා.අපිට පුංචි එකෙකුත් ඉන්නවා. උඹ ඒ හැම හීනයක්ම කඩල බිදල දැම්මා අවිෂ්ක..”

ISBN
9789559876252
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Hithata dukayi adariye
    මම මේක කලින් කියෙව්වා ඒත් 1 කොටස විතරයි මාරම ලස්සන කතාවක්. මට ආයෙ කියවන්න ආස හිතුනා. ගොඩාක් ලස්සනයි❤️
    K.H.Nethmi sanjula ·
Write a review
Write a review

You're reviewing: හිතට දුකයි ආදරියේ 1 සහ 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.