Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ඉඩම් නීතියේ සංකල්ප සහ භාවිතය

ඉඩම් නීතියේ සංකල්ප සහ භාවිතය

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ඉඩම් නීතියේ මුලධර්ම, ඒවායේ ප්‍රායෝගික භාවිතය සමග තුලනාත්මකව විස්තර කිරීමෙන් අදාල විෂය ක්ෂේත්‍රය වෙත සාධාරණ ප්‍රවේශයක් ලබා ගත හැකිය. ඉඩම් නීතියේ මූලික සංකල්ප ඇතුළත් මෙම කෘතිය සකසා ඇත්තේ එබඳු තුළනාත්මක ප්‍රවේශයක් සලසා දීමට ය. ශ්‍රී ලංකාවේ ඉඩම් නීතියට පදනම් වූ රෝම ලන්දේසි මූලධර්ම මෙහි සරලව විස්තර කර දෙන අතර ඒවායේ භාවිතය පිළිබඳ විග්‍රයක් මෙහි ඇතුළත් කර ඇත.

නූතන ඉඩම් නීතිය වෙත ව්‍යවස්ථාදායකය විසින් කර ඇති බලපෑම් රැසක් මෙම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන්වෙයි. මෙරට ඉඩම් නීතිය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කර ඇති නඩු තීන්දු කිහිපයක්ම මෙම කෘතියෙහි විස්තරාත්මකව දක්වා ඇත. ඉඩම් නීතියෙහි නව ප්‍රවණතා සම්බන්ධව පාඨක ජනතාව අවධානයෙන් තැබීමට එම කරුණු හේතු වනු ඇත.

ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ සහ විශ්ව විද්‍යාල වල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හදාරන සිසුන්ටද, නීති ශිෂ්‍යයන්ටද, නීතිඥයන්ටද නිතර අවශ්‍ය වන නීතිමය කරුණු මෙහි සරළ බසින් ඉදිරිපත් කර ඇත. තවද නීතිය පිළිබඳ දැනුම සොයා වෙහෙසෙන සාමාන්‍ය පාඨකයාටද මේ පොතෙහි අන්තර්ගත කරුණු බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. නීතිය පිළිබඳ ඔබේ දැනුම වැඩිකර ගැනීම සඳහා මේ කෘතිය කදිම අත්පොතකි.

ISBN
9789558786222
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉඩම් නීතියේ සංකල්ප සහ භාවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.