Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉඩෝර මල්

ඉඩෝර මල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"උදව් කරනවද මට..? මෙතන ඉඳන් අපේ ගෙදරට යන විදිය කියන්න පුළුවන්ද..?”

මම ගැටගැසූ වචන සියල්ල ඔහුට තේරුණාදැයි නොදනිමි. එහෙත් ඒ දෙබැම හාවූ අයුරින් නම් සියයට සීයක් ඔහුට මා පැවසූ දේ නොවැටහුණු බව ඇගවෙන්නට විය.

"ගෙදරට යන්න පාර අමතක වෙලා කියලද කියන්න හදන්නෙ..?”

"අමතක වෙලා නෙවෙයි දන්නෙ නෑ... මාමා උදේ කියලා දුන්නා යන්නෙ කොහොමද කියලා... ඒත් දැන් මාව පැටලිලා වගේ...” මගේ හඬ තිබුණේ දෙදරමිනි. එය ඔහුටද දැනෙන්නට ඇත.

හේ කෝපයෙන් මෙන් රළුව බලද්දී, මම අසරණ බැල්මක් හෙළුවෙමි. "මොන මඟුලකටද නොදන්න තැන්වල ඇවිදින්න ආවෙ.. මේ කොහෙ ගිහින්ද එන්නෙ..?”

"වැඩට...''

"කොහෙද..?"

"මහන තැනක.. අද පටන් ගත්තේ.”

ඔහුගේ මුවින් පිට පැන්නේ බරැති සුසුමකි. හේ වමත බැඳි ඔරලෝසුව දෙස බලමින් මා වෙත හැරෙන්නට විය. පෙර මෙන් සිනාවක් ඒ මුව අසලක හෝ තිබුණේ නැත. තත්පර කටුව රාත්‍රියට සැරසෙන්නට ඉඟි දෙද්දී මගේ පපුව ගිනිගන්නා තරම් කාට නම් කියන්නද..?

"වාහනේට නගින්න මං ගිහින් දාන්නම්.”

ISBN
9789557012650
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉඩෝර මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.