Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉංග්‍රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

ඉංග්‍රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

About this book

නවකථාව ලොවෙන් වඳ වී ගිය හොත් නවකථාකරුවා ආයු පිරිහුණු දෙවියකුගේ තත්ත්වයකට පත් වන්නේ ය. එසේ හෙයින් නවකථාකරුවෝ සිය කෙටි ඉතිහාසය පුරා විනෝදය ලබාදීම උදෙසාත්, සමාජ වගකීම සාක්ෂාත් කිරීම උදෙසාත්, මිනිස් නැණ පහන දැල්වීම උදෙසාත් නවකථා කරණයේ යෙදී සිටිත්. ඒ ගැන පුළුල් ලෙස අවධානය යොමු කරවීම මෙහි එක් අධ්‍යාශයකි.

තමන්ගේ රසඥතාව, විචාරශීලිත්වය හෝ ඔල්මාදගතිය කරණ කොට ගෙන නවකථා කියවන හෝ නවකථා ලියන සත්ත්වයන්ට සහ විචාරකයන් හට ද මේ කෘතිය යම් ආලෝචනයක් වනු ඇතැයි සිතමි.

මිනිස් සංවේදිතාවන් ඔප් නැංවීම පිණිස හෝ පුද්ගල හෝ පොදු සමාජ වටිනාකම් රැකගැනීම පිණිස ලොව පෙරළිකාර නවකථාකරුවෝ වෙහෙසෙත්. එහෙයින් ඔවුහු වීරත්වයට හෝ අපෝක්තියට පත් වෙත්. ආතර් මිලර් පැවසුවාක් මෙන් මිනිසාට තම මානව ගරුත්වය රැකගෙන අද සමාජයේ ජීවත් වන්නේ කෙසේ දැයි නිරීක්‍ෂණය කිරීම ඔවුන්ගේ අරමුණ යි.

දුර්ලභ ග්‍රන්ථ රැසක් පරිශීලනයෙන් ලියැවුණ මේ කෘතිය ජීවිතයට ඈතින් සිට නො ව ජීවිතය හා සමීපයෙන් හිඳ නවකථාව දෙස බැලීමටත්, ඔබ සිත නව මාවතකට යොමු කිරීමටත් සමත් වේ.

ISBN
9786245906062
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉංග්‍රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.