Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඉන්කා
About this book

ස්වභාවයෙන්ම සතුන්ට ආදරේ කරන දරුවන් ආර්. එස්. ක්‍රිස්ටි විසින් රචිත මෙම රහස් පරීක්ෂක කතා මාලාව කියවිය යුතුය. එමඟින් ඔවුන් සත්ව ලෝකයේ ඔවුන්ගේ ජනප්‍රිය සාමාජිකයන් දක්වන හපන්කම් බලා සතුටට පත්වනු ඇත.

දිනපොතක් පවත්වගෙන යෑමට ඉන්කා තීරණය කරයි. ඉන්කාගේ ඇසින් ලියැවුණු හාස්‍යය හා ත්‍රාසය පිරි ඇගේ හා බළල් පවුලේ ආටක - නාටකවලට ඔබත් කන් යොමන්න. හද සසල කරවන වීර කතාන්දරයක් මින් දිග හැරෙයි.

ඉන්කා හා පවුලේ උදවිය පැරීසියේ සිට ලන්ඩනයට ගිය පසු අලුත්ම යාළුමිත්‍ර පිරිසක් ඇති කරගනී. මොන්ක් නැමැති නිල් රුසියානු බළලෙක් හා ටෙරන්ස් නැමැති රන් පැහැ දඩම් බල්ලෙක් ඒ අතර වෙති. ඔවුන්ගේ හාම්පුතා වූ ලෝ ප්‍රකට රහස් පරීක්ෂක සෝලෝට දක්ෂ හා නිර්භීත ලෙස මේ දෙදෙනා සහාය ලබා දෙති.

ඇගේ අලුත් යාළුවන්ගේ වික්‍රමයන්ගෙන් අමුතු පණක් ලබන ඉන්කා, ලෝකයේ හොඳම රහස් පරීක්ෂක බළලා වීමේ ඉලක්කය කරා යෑමට සැරසෙයි. ඉන් අනතුරුව තමන්ගේ හපන්කම් ලියා තැබීමට දිනපොතක් තබාගනී.

එක් සැඳෑවක මොන්කා පැමිණ එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත රැස්වීමක් ගැන දැනුම් දුන් විට ඉන්කා ඉස්පාසුවක් නැතිව සිටියේ ඒ මොහොත උදාවනතුරුය. ගවේෂණ චාරිකාවක යෙදී සිටියදී අතරමං වූ රාවුල් සොයා හිමාලය පෙදෙසට යෑමේ අන්තරායකාරී කටයුත්ත සෝලෝ හා ටෙරන්ස් බාරගෙන තිබිණි. ටෙරන්ස් නිසා ඉන්කාටද නව දේශයේ හරියාකාරව රාජකාරී කටයුත්තක් කිරීමට පළමුවරට අවස්ථාවක් යෙදෙයි. එහෙත් වධ හිංසාවට හා කෝපයට පත් බොස් නම් රොට්වෙලර් බල්ලාව බේරාගැනීමට ඉන්කාට හැකිවේ ද? ඇයට කපටි දඩයම් බල්ලාගේ උදව් නොලැබ මේ දේවල් කළ හැකි ද?

මෙම රහස් පරීක්ෂක කතා මාලාව තුළින් දරුවන් අපූරු ලෝකයකට රැගෙන යාමට සමත් වෙයි.

ISBN
9789553116529
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉන්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.