Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / දැනමුතු මාමා කී කතා 4

දැනමුතු මාමා කී කතා 4

About this book

" දැනමුතු මාමා කී කතා" පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි පරිසර හිතකාමී විද්වතකු වන " දැනමුතු මාමා” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.

ළමුන් වඩාත් පරිසර හිතකාමී, සංවේදී පිරිසක් බවට පත් කරමින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට දිරි දෙමින්, ඔවුන් තුළ නිවැරදි ආකල්ප ඇති වන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. කලකට පෙර අපේ ජාතික ගුවන් විදුලිය මගින් "සිරිඅයියා" වැනි චරිතයක් තුළින් ළමුන්ගේ අවධානය ග්‍රහණය කර ගැනීමට ගත් උත්සාහය මෙහිලා සිහිපත් කළ යුතු ය. මෙම පොත් පෙළේ එන "දනමුතුමාමා” ද එ බඳු චරිතයකි. "දනමුතු මාමා කී කතා" පොත් පෙළ සැලසුම් කොට රචනා කළ, රාජ්‍ය සම්මාන ලාභී ලේඛක හා නාට්‍ය නිෂ්පාදක රන්ජිත් ධමකීර්ති, ළමා කතා, යොවුන් නවකතා කෙටිකතා, නවකතා, හා නාට්‍ය ඇතුළු සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කළ කෘතහස්ත ලේඛකයෙකි. ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ "ළමා හා යොවුන් සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ '' සාමාජිකයෙක්ද වේ.

ISBN
9789551300661
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දැනමුතු මාමා කී කතා 4

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.