දැනමුතු මාමා කී කතා 4
" දැනමුතු මාමා කී කතා" පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි පරිසර හිතකාමී විද්වතකු වන " දැනමුතු මාමා” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.
ළමුන් වඩාත් පරිසර හිතකාමී, සංවේදී පිරිසක් බවට පත් කරමින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට දිරි දෙමින්, ඔවුන් තුළ නිවැරදි ආකල්ප ඇති වන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. කලකට පෙර අපේ ජාතික ගුවන් විදුලිය මගින් "සිරිඅයියා" වැනි චරිතයක් තුළින් ළමුන්ගේ අවධානය ග්‍රහණය කර ගැනීමට ගත් උත්සාහය මෙහිලා සිහිපත් කළ යුතු ය. මෙම පොත් පෙළේ එන "දනමුතුමාමා” ද එ බඳු චරිතයකි. "දනමුතු මාමා කී කතා" පොත් පෙළ සැලසුම් කොට රචනා කළ, රාජ්‍ය සම්මාන ලාභී ලේඛක හා නාට්‍ය නිෂ්පාදක රන්ජිත් ධමකීර්ති, ළමා කතා, යොවුන් නවකතා කෙටිකතා, නවකතා, හා නාට්‍ය ඇතුළු සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කළ කෘතහස්ත ලේඛකයෙකි. ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ "ළමා හා යොවුන් සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ '' සාමාජිකයෙක්ද වේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.