දැනමුතු මාමා කී කතා 2
දැනමුතු මාමා කී කතා
සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයයන් පිළිබද ව ළමුන් ගේ දැනුම වර්ධනය කිරීමටන්, ඔවුන් පරිසරයට සංවේදි පිරිසක් බවට පත් කරමීන් ළමුන්ගේ පෞරුෂවර්ධනය මෙන් ම ඔවුන් ගේ ජීවිත වඩාත් ඔප මට්ටම් කර ගනිමින් රැක ගැනීමට අවශ්‍ය සරල උපදෙස් ලබා දීමටන්, හැකිවන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. මෙය සිංහල භාෂාවෙන් පොත කියවන ළමුන් ගේ කියවීමේ රුචිය වර්ධනය කරන අතරම දැනුම හා අවබෝධය ලබා දෙන පොන්වල අඩුව පිරිමැසීමට ගන්නා ලද උත්සහයකි.
කාහටන් කියවා රස විදිය හැකි සරල බස් වහරකින් හා කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය සේ සැලකෙන උචිත චිත්‍ර හා ඡායාරූප තෝරා ගනිමින් සැලසුම් කොට ඇති මෙම පොත් පෙළ, තුන වසර සිට අට වසර තෙක් ළමුන් ගේ පරිශීලනයට සුදුසු පරිදි නිර්මාණය වී ඇත.
"දැනමුතු මාමා කී කතා" සැලසුම් කොට රචනා කළ රාජ්‍ය සම්මාන ලාභී ලේඛක රන්ජින් ධර්මකීර්ති, ළමා කතා, යොවුන් නවකතා ඇතුළු සාහිත්‍ය කෘති 625ක් නිර්මාණය කළ කෘන ලේඛකයෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.