දැනමුතු මාමා කී කතා 1
(අප අවට ලෝකය හා පරීසරය)
ළමුන්ට වඩාත් සමීප විය හැකි පරිසර හිතකාමී චරිතයක් හඳුන්වා දෙමින් සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම පොත් පෙළේ අරමුණයි.
ළමුන් වඩාත් පරිසර හිතකාමී, සංවේදී පිරිසක් බවට පත් කරමින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට දිරි දෙමින් ඔවුන් තුළ නිවැරදි ආකල්ප ඇති වන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. කලකට පෙර අපේ ජාතික ගුවන් විදුලිය මඟින් ''සිරිඅයියා '' වැනි චරිතයක් තුළින් ළමා ලෝකය වඩාත් සුන්දර කිරිමට ගත් උත්සාහය මෙහිලා සිහිපත් කළ යුතුය. මෙම පොත් පෙළේ එන දැනමුතුමාමා ද එබඳු චරිතයකි.
" දැනමුතු මාමා කී කතා '' පොත් පෙළ සැලසුම් කොට රචනා කළ, රාජ්‍ය සම්මාන ලාබී ලේඛක හා නාට්‍ය නිෂ්පාදක රන්ජිත් ධර්මකීර්ති, ළමා කතා, යොවුන් නවකතා ඇතුළු සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කළ කෘතහස්ත ලේඛකයෙකි. ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ළමා හා යොවුන් සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ '' සාමාජිකයෙක්ද වේ. මෙම පොත් පෙළේ නවතම ග්‍රන්ථය වන "අභ්‍යවකාශය හා අපේ සෞරග්‍රහ මණ්ඩලය" (Space and Our Solar System) නොබෝ දිනකින් නිකුත් වේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.