ඉතිහාසගත චරිත
1936 අප්රේල් මස 02 වැනිදා සීතාවක රාජධානියේ හංවැල්ල ග්රාමයේ දී උපත ලද ඩී. කේ. ධර්මසිරි විජේරත්න මහතා අධ්යාපනය හැදෑරුවේ හංවැල්ල රාජසිංහ මධ්ය මහා විද්යාලයෙනි. පාසල් වියේ සිටම ලේඛන කලාවට දස්කම් දැක්වූ ජේරන්න තරුණයා පුවත්පත් කලාවට සම්බන්ධ වන්නේ 19 හැවිරිදි වියේදීම ය. එනම් 1955 දී “ජාතිය”, ”සිංහල ජාතිය” හා ගාර්ඩියන් සන්ඩේ පිස්ටෝරියල් යන පුවත්පත්වල වාර්තාකරු ලෙසය. ඔහු මෙසේ සිය මාධ්යවේදී භූමිකාව ආරම්භ කරමින් ප්රධාන පුවත් පත් සමාගම් කිහිපයක ප්රවීණ මාධ්යවේදියකු ලෙස වසර 65 කට ආසන්න කාලයක් විශිෂ්ට මෙහෙවරක නිරත වූවේය.
1956 මාර්තු 01 වැනි දින රජයේ ලිපිකරු සේවයට බැඳීමෙන් පසුව ඔහු “ජනතා”, “රිවිදින¨ ආදී පුවත්පත් වලට විශේෂාංග ලිපි සැපයූවේ ස්වාධීන ලේඛකයෙකු ලෙසය. ඒ අතර 1975 දී සිත්තර චිත්රකතා පත්තරයට “ඉතිහාසගත චරිත” චිත්රකතා අධ්යාපනික විශේෂාංගය සකස් කිරීම සුවිශේෂී කරුණකි. චිත්රකතා මගින් ඉතිහාස කරුණු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්වන අතර ඉතිහාසය පිළිබඳව ධර්මසිරි මහතා සතුව පුළුල් දැනුමත් තිබීම “ඉතිහාසගත චරිත විශේෂාංගය සාර්ථක වීමට හේතුවක් විය.
1988 දී රජයේ සේවයෙන් විශ්රාම ගැනීමෙන් අනතුරුව විජේරත්න මහතා හංවැල්ල සමූහ වාර්තාකරු ලෙස “ඩේලි නිවුස්”, දිනම්ණ” හා “ජනතා පුවත්පත් වලට ප්රවෘත්ති හා විශේෂාංග සම්පාදනය කළේය. 2015 දී ලක්බිම පුවත්පතට සම්බන්ධ වී හංවැල්ල ප්රාදේශීය වාර්තාකරු ලෙසද කටයුතු කළේය.
ද්විභාෂික ලේඛකයෙකු වූ ධර්මසිරි මහතා ළමයින් වෙනුවෙන් ලියූ මිසි අප්පු මාමාගේ කතන්දරේ” ළමා පොතද ඔහුගේ නිර්මාණ අතර වෙයි.
ධර්මසිරි විජේරත්න මහතා මාධ්යවේදියකු හා ලේඛකයෙකු ලෙස සිය විශිෂ්ට මෙහෙවර නිමා කොට දිවිසැරියෙන් සමුගන්නේ 2019 ඔක්තෝබර් 07 වැනිදා ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.