ජෛව පරිණාමීය මූලධර්ම
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජීයවිද්‍යා පීඨයේ, මානව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය විසින් ලියන ලද ජෛව පරිණාමීය මූලධර්ම කෘතිය ශාස්ත්‍රීය පර්යේෂණාත්මක කරුණු අන්තර්ගත ප්‍රශස්ත ග්‍රන්ථයකි. මෙම සාරගර්භ කෘතිය රචනා කිරීමට ඇය අතිශයින් සුදුසුකම් ඇත්තියකි. භෞතික මානව විද්‍යා ක්ෂේත්‍රයේ ඉගැන්වීම, පර්යේෂණ කිරීම, ඇගයීම, සාකච්ඡා පැවැත්වීම ආදි සෑම අංශයකින් ම මනා පරිචයක් දැනුමක් අවබෝධයක් ඇති ඇය මානව විද්‍යා අධ්‍යයනාංශයට ආචාර්යවරියක ලෙස සම්බන්ධ වූයේ විද්‍යාවේදී උපාධියක් දිනාගනිමිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් මූලික උපාධිය ලැබූ ඇය දර්ශනසූරි උපාධිය ලැබුයේ ඕස්ට්‍රේලියාවේ Southern Cross විශ්වවිද්‍යාලයෙනි. මේ අනගි කෘතිය මානව විද්‍යා, ජීව විද්‍යා ඇතුළු විෂය ධාරාවන්ගෙන් උසස් අධ්‍යාපනය ලබන අභ්‍යන්තර සහ බාහිර උපාධියට ඉගෙන ගන්නා කවරකුට හෝ ඉමහත් ප්‍රයෝජන ලබාගත හැකි කෘතියකි.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.