ජීවන මිහිර
'සැනසුම පිණිසයි’, ‛ඇසට නොපෙනෙන සිතට නොදැනෙන’, ‛බිතු සිතුවම් වැනි මිතුදම්’, ‘මිහිරි හැඟුම්’, ‛ආදරයයි කරුණාවයි’ යනාදි වශයෙන් මා ලියා පළ කළ කෘති මාලාවට එකතු වන අලුත්ම කෘතිය මෙයයි.
පසු ගිය කාලයේ එක දිගටම මට සවන් දෙන්නට සිදු වුණේ 'බිඳුණු විවාහයන්’ සම්බන්ධ අනුවේදනීය සංසිද්ධීන්ටය. ඒ බොහෝ අත්දැකීම් ඔස්සේ අනාවරණය වූයේ ‛සැමියෙකු’ නැතහොත් 'පුරුෂයෙකු’ සාපරාධී අන්දමට විශ්වාසය බිඳ දමා තිබෙන අන්දමයි. බිඳුණ පවුල් හා සම්බන්ධ අත්දැකීම් බොහොමයක ‛පොදු බවක්’ විය. ඊට හේතුව කුමක් ද? බොහෝ දෙනෙකුට මානව ධර්මතා ගැන අනවබෝධය මානව ධර්මතා අවප්‍රමාණ කිරීම යයි මට සිතුණි.
මේ කෘතියට 'ජීවන මිහිර” යන නම යෙදීමට සිතුණේ කරුණු දෙකක් නිසාය. එක් කරුණක් වන්නේ මෙහි ඇතුළත් ශෝචනීය අත්දැකීම්වලට කේන්ද්‍රීය වූ චරිතය නිතරම “සාධනීය වූ ජීවන ආකල්පයක්” කුළු ගැන්වීමය. අනෙක් කරුණ වන්නේ, අනපේක්ෂිතව අසනීපව සිටින විට මසිත සුවපත් කළ හිත මිතුරන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දැන හඳුනාගත් පුද්ගලයන් මා වෙත දැක්වූ හිතෛෂීභාවය ඔස්සේ මා අත් වින්දේත් අපූරු 'ජීවන මිහිරක්’ බැවිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.