ජේසුතුමන් දඹදිව විසූ වගයි
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඔදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම්වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත, සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි." ජේසුතුමන් දඔදිව විසූ වගයි" Jesus Lived in India හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කීපයක පර්යේෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළීබඳ ව විස්මයාකාර සාක්ෂි ඉදිරිපත් කරන්නේය.
තරුණ කාළයේ දී ජේසුතුමා ඉපැරණි සේද මාර්ගය ඔස්සේ ඉන්දියාවට ගොස් එහි දී බුදු දහම උගත් අතර, එහි ධර්ම මතයන් පිළිගෙන අධ්‍යාත්මික ගුරුවරයෙකු විය.
යළි පලස්තීනයට පැමිණි එතුමා, කුරුසියේ ඇණ ගැසීමෙන් පසුව (සැබැවින් ම එය එතුමාගේ මරණය ගෙන ආවේ නැත) එතුමා පෙරළා ඉන්දියාවට ගොස්, වයස්ගතව එහි ස්වර්ගස්ථ වූහ. එතුමාගේ සොහොන කාශ්මීරයේ අග නගරය වන ශ්‍රී නගාර් හි අදත් දක්නට ඇත.
හොල්ගර් කර්ස්ටන් ජර්මන් දේවධර්මාචාර්යවරයෙකු වූයේය. ඔහු ආගම් පිළිබඳව ද ඉතිහාසඥයෙකු විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.