Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඩුපුල් මල්

කඩුපුල් මල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ආලින්දයට වට කළ ගරාදි වැටට හේත්තු වී ප්‍රසාදිනී මල් වැටිය දෙස බලා සිටී. මුහුණ පුරා ඇත්තේ නො සංසුන් පෙනුමකි මල් වැටියේ ඇති, දිග පත්‍ර සහිත කඩුපුල් මල් පඳුරට විදිලි ආලෝකය වැටී තිබේ. පෙර දින මැදියම් රැයේ පිපී උදෑසන පරව ගිය කඩුපුල් මල් දෙකක් පහතට නමා වැටී ඇත. විදුල සමඟ මොරායා ද ආලින්දයට ආවාය. "බලන්නකො මැණිකෙ... දන්නෙම නැතුව ඊයෙ රාත්තිරියෙ පිපිච්චි කඩුපුල් මල් දෙකක් උදේ බලන කොට පරවෙලත් ඉවරයි. පිපිච්චි කඩුපුල් මලක් දකින්න මං ආසාවෙ හිටිය. මා කවදාවත් දැකල නෑ...." දෑත් ළැම මත පටලවාගන සිටි ප්‍රසාදිනී දිග සුසුමක් පහ කරන ගමන් හොරැහින් මෙරායා දෙස බැලුවාය. "ඕව රෑ පහළොස් පැයට පිපිල ඉර පායනකොට පරවෙලත් ඉවරයි" මෙරායා යළිත් මැසිවිලි නඟයි. "එහෙම තමයි නැන්දෙ.... අපේ ජීවිතත් හරියට කඩුපුල් මල් වගෙ තමා..." යි කියන ගමන් පුතුගෙ අත අල්ලාගත් ප්‍රසාදිනී ගෙට හැරුණාය. වින්දනගේ මෝටරියේ ආලෝක ධාරාව ආලින්දයට පැතිරෙනු දැක විදුල මවගේ ග්‍රහණයෙන් අත මුදා ගත්තේය. ප්‍රසාදිනී කර බාගෙන ගෙතුළට ගියාය.
ISBN
9789556864380
පිටු ගණන (Pages)
286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඩුපුල් මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.