Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

About this book

කාන්ති විජේතුංග මහත්මිය අප රටේ රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු ප්‍රධානි සහ අමාත්‍යාංශ ලේකම් වැනි ඉහළ තනතුරු හොබවා ඇත. ඒ අතරතුර අපට ඇය හමුවන්නේ ලේඛිකාවක ලෙසයි. නවකතා, කෙටිකතා, ශාස්ත්‍රීය. මෙන්ම නිර්මාණාත්මක ලේඛන රැසක් ඇය විසින් රචනා කර තිබේ. ඒ අතර සංචාරක අත්දැකීම් ඇසුරෙන් රචනා කර තිඛෙන ග්‍රන්ථ විශේෂ ස්ථානයක් ගනී.

මෙවර ඇය පාඨක සමාජය වෙත කාම්බෝජයේ සමාජ සංස්කෘතික, දේශපාලන, ආර්ථික සහ ආගමික වටපිටාවෙන් තොරතුරු ගෙන එනුයේ ආනුභවික අධ්‍යයනයක් ලෙසය. එනම් අත්දැකීම්, නිරීක්ෂණ සහ පුද්ගල හමුවීම් ඔස්සේ ය. ඇයට ලියන්නට කියන්නට මොනවට හැකියාව ඇත. මේ පොත හුදු සංචාරක විත්ති සටහනක් පමණක් නොවේ. සෞන්දර්යාත්මක ගවේෂණයක් ද, විනෝදාස්වාදයක් ද, අධ්‍යාපනයක් ද ඉන් ලද හැකි බව නොවළහා පැවසිය හැකිය. අප ලේඛිකාව සතු සියුම් නිරීක්‍ෂණ ශක්තිය හා නිර්මාණශීලී වාර්තාකරණය මේ කෘතියෙන් විද්‍යාමාන වේ.

අපගේ මඟපෙන්වීම් අනුව කාම්බෝජ ස්වාමින් වහන්සේලා දෙනමක් මෙහි ආචාර්ය උපාධි සම්පූර්ණ කළහ. ඒ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ය. උන්වහන්සේලාගෙන් මා දැන ගත් තොරතුරු කාන්ති විජේතුංග ලේඛිකාවගෙන් තවදුරටත් පසක් වීම මට අත්දැකීමක් විය.

ඇගේ ලේඛන ජීවිතයට සුභ පතමි.

ISBN
9786245578597
පිටු ගණන (Pages)
189
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.