Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / කතා සරිත් සාගරයේ කතා

කතා සරිත් සාගරයේ කතා

ප්‍රවර්ග (Genre): Short Story - කෙටි කතාව
About this book

‘කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය’ යන තේරුම ඇති මෙම ‘කථා සරිත් සාගරය’ පුරාණ සංස්කෘතික විචිත්‍ර කථා සංග්‍රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක්‍රි. ව. 1063 - 1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී. ඒ අනුව මෙය වසර දෙදහසක් තම් පැරැණිය. කාශ්මීරයේ අමාන්ත රජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගෙ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි.

ප්‍රාකෘතයෙන් රචනා කරන ලද, මෙකල දක්නට නැති කථා කෝෂයක් වූ වෘහත් කථාව කථා සරිත් සාගරය ලිවීමට මූලාශ්‍ර වී තිබේ. වෘහත් කථාව පෛශාවී භාෂාවට අයත් ග්‍රන්ථයකි. එය අද අතුරුදහන් වී ඇතත් සෝමදේව පඬිවරයා විසින් ‘කථා සරිත් සාගරය’ ලිවීම නිසා මුල් කතාවේ සෙවණැල්ල හෝ ආරක්ෂා වී තිබේ. ‘කථා සරිත් සාගරය’ එක් අතකින් ‘අරාබි නිසොල්ලාසය’ වැනිය. මහා භාරතයේ එන කථාවලටද මේවා බොහෝ දුරට සමානය. පංච තන්ත්‍රෙය් බොහෝ කථාද ‘කථා සරිත් සාගරය’ තුළ විසිරී තිබේ.

දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාචයන්, රජවරුන් මෙන්ම හොල්මන්, අවතාර, උඩින් බිමින්, ගමන් කිරීම් ආදියෙන් පිරුණ මෙම කථා හර්ෂ, ත්‍රාස, අද්භූත ආදී වශයෙන් විවිධය. 

සුන්දර කාව්‍යමය ප්‍රේමකතා, දෙවියන් හා මිනිසුන් සම්බන්ධ කථා මෙහි ලියා ඇත්තේ රුචිකර හා මන පිනවන අයුරිනි. කථා සරිත් සාගරයේ භාෂාව ඉතාම සරලය.

Details
ISBN
9789556565010
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. good book
    Awesome
    Loshitha ·
Write a review

You're reviewing: කතා සරිත් සාගරයේ කතා

Reviews are published once a member of our team has read them.