Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කවුළුව හැර බලමු එළිය විස්මිතයි !

කවුළුව හැර බලමු එළිය විස්මිතයි !

About this book

සකිචි තොයොදා උපන්නේ මෙයට වසර 153ක ට පෙර ජපානයේ ඈත පිටිසර ගමක ය. ප්‍රධාන නගර පිහිටා තිබුණේ ගමට කිලෝමීටර් සියයක් පමණ ඈතිනි. එහි යාමට බස් රථ හෝ දුම්රිය සේවා හෝ නොතිබුණි. බටහිර රටවල් විදුලිය සොයා ගත් බව ඔවුන් අසා තිබුණා පමණි. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබීය. පියා වඩුවෙකි. ඔහුගේ අනාගතය අවිනිශ්චිත බවට දෛවය අනාවැකි පළ කළේ උපතින් ම ඔහු ශාරීරික දුබලතාවක් ඇතිව උපන් හෙයිනි.

ඔහුට මේ සියල්ල වෙනස් කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු වෙත තිබුණේ අප්‍රතිහත ධෛර්යය පමණි. ඔහු හැදෑරුවේය. නගර කරා දින ගණන් පයින් ඇවිද්දේය. අප්‍රමාණ දුක් ඉසිලුවේ ය. රැවටීම්වලට ලක්වූයේය. වංචාවන්ට හසුවූයේ ය. ණය බර ඔහුව පෙළුවේය. පවුල ඔහුව අතහැර දැමුවේය. නමුත් ඔහු ලෝකයට වැඩදායක යමක්, මිනිස් ජීවිත සුව පහසු කරවන යන්ත්‍රයක් නිපදවීම කෙරෙහි මුළු දිවියම කැප කළේ ය.

අවසානයේදී, මේ කුඩා පිටිසර දරුවා තම දෛවය අලුතින් ම ලිව්වේය. ලෝකයේ රටවල් ගණනාවක ශාඛා ඇති මහ මග දිදුළන "ටොයෝටා" මෝටර් රථ නාමයේ මුල බීජය ඔහුය. ලෝකයේ බොහෝ රටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවල දිවෙන යන්ත්‍ර බොහොමයක පේටන්ට් හිමි කරු ඔහු ය. ජපානයේ බිහිවූ නිමැවුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් දස දෙනෙකුගෙන් එක් නමක් ඔහුගේ ය.

ඔහුගේ ලෝක පූජිත දිවියෙන් ඔබ දිවියට යමක් එකතු කරගන්නටයි මේ ආරාධනා !

ISBN
978624533200
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කවුළුව හැර බලමු එළිය විස්මිතයි !

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.