ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් ප්‍රාන්තයේ උපත ලද කුඩා බලු පැටවෙකු වටා ගෙතී ඇති “කෝබි” නැවුම් තේමාවක් රැගත් අපූරු යොවුන් නවකථාවකි. දීශනී ප්‍රභාසර් වීරරත්න කතුවරිය සුරතල් කෝබිගේ චිත්තාභ්‍යන්තරය විනිවිද දකින ආකාරය ඉතා මනහරය.
ඇගේ රචනා ශෛලිය බෙහෙවින්ම සජීවීය. පාඨකයා තුළ කුතුහලය අවුළුවන සුළුය.
"මම වෙන කොහේ හෝ ගෙදරකට භාර දෙන දවස නම් වැඩි ඈතක නෙවෙයි කියන එක මට තේරුණා.”
වරෙක පුංචි කෝබිගේ සිතිවිලි එසේ පෙළ ගස්වන කතුවරිය කතාවේ අවසානයට ළං වෙද්දී කෝබි ලංකාවේ සංචාරයකට කැටුව එයි.
̈මට වගේ ලස්සන පිඟන් කෝප්ප එයාලට නෑ. කෑම කද්දී වීසි වෙන කෑමත් අන්තිමට බිමින් අහුලාගෙන කනවා. බිමත් ලෙව කනවා. අනේ...එතකොට ඒ ගොල්ලන්ට වැලිත් කැවෙනවා ඇති. එයාලා ලැබෙන දෙයක් කාලා,කොහේ හරි වැටිලා නිදා ගන්නවා.”
ලංකාවේ පාරවල් වල දුක් විඳින බල්ලන් ගැන “කෝබි” ගේ සිත තුළ ජනිත වන හැඟීම් දීශනී අතින් වචනයට නැඟී ඇත්තේ අතිශයින්ම අනුවේදනීය ලෙස සහ සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි.
“මං හිතන්නෙ මෙහේ බල්ලො හැම දේටම පොරකාලා, රණ්ඩු වෙලා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුරුදු වෙලා තියෙන්නෙ ඒකයි.”
මෙහි කතුවරිය “කෝබි” ගේ ජීවන චරිතය හරහා ළමා සහ යොවුන් පෙළ අමතන්නට උත්සාහ ගත්තත්, ඉහත ආකාරයේ දෙබස් කියවන විට මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් ටද සිතන්නට යමක් ඉතිරිකරන මාහැඟි නිර්මාණයක් බව අපගේ අදහසයි.
-ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.