Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / කොළඹ පුරාණය

කොළඹ පුරාණය

About this book
දැඩි අවිවේකි බවින් හා ඝෝෂාවෙන් පිරුණු කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසැරීම ඔබට වෙහෙසකර හා නීරස අත්දැකීමක් බව නිසැකය. එහෙත් අවිවේකයෙන් පිරුණු ඝෝෂාකාරී හා උණුසුම් කොළඹ නගරය එදා සිසිල් සෙවනින් හා සීතල දිය දහරාවන්ගෙන් පිරුණු අතිශය සුන්දර පුරවරයක් වු බව ඔබට විශ්වාස කළ හැකිද? සැබවින්ම කොළඹ නගරයේ යටගියාව ප්‍රබන්ධ කතාවකටත් වඩා අපූර්ව ය. රසවත් ය. කෙනෙකු මවිත කළ හැකි තරමට චමත්කාරජනකය. මේ ග්‍රන්ථයෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ රසවත් යටගියාව වෙතටයි. ඒ සුන්දර අතීත මතකයන් ඔස්සේ මෙයින් විවරණය කෙරෙන්නේ කොළඹ නගරෙහි භෞතික පරිසරයෙහි වෙනස්වීම් පමණක් නොවේ. කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙරට සමස්ත ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප හා ජීවන රටාවන් වෙනස්වූ ආකාරය මෙන්ම රටේ දේශපාලන දිශානතිය ඊට අනුරූපව හැඩ ගැසුණු අයුරු ද මෙයින් හඳුනාගත හැකිය.
ISBN
9789558892335
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොළඹ පුරාණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.