කූඹියා හා පරෙවියා
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෙව් නිකලායවිච් තල්ස්තෝයි ළමුන් සඳහා ලියූ තම කෙටි කතා සහ කතන්දර මුද්‍රණය කළේ ‘හෝඩිය’ හා රුසියානු කියවීම් පොත්’ නමැති පොත්වල ය. ලොව විවිධ ජාතීන්ගේ ජීවිතයෙන්, පැරණි සාහිත්‍යයයෙන් ගත් බොහෝ ඉතිහාස පුවත් හා මිත්‍යා කතා තල්ස්තෝයි ඒවාට ඇතුළත් කළේ ය. පුරාණ ග්‍රීක පණ්ඩිතයෙකු වූ ඊසොප්ගේ සරල හා කෙටි උපමා කතා විශේෂයෙන් ඔහුගේ සිත් ඇද ගත්තේ ය.
මේ දශක කිහිපයකට පෙර මෙරට දරුවන් මහත් ආශාවෙන් කියැවූ, තල්ස්තෝයිගේ කූඹියා හා පරෙවියා නම් උපමා කතා එකතුවෙහි නව මුද්‍රණයකි.
මෙම පොතේ වීරයින් විවිධාකාර ය. මෙහි මිනිස්සු ද, දෙවිවරු ද, සත්තු ද වෙති. එහෙත් ඔව්හු කවුරුන් වුවද කර්තෘ හැමටම පෙර ආමන්ත්‍රණය කරන්නේ ළමයින් ට ය. ඔහුගේ වීරයෝ වනාහි වෙස් මුහුණු පැළැඳි ළමුන් යයි වරෙක සමහර විට හැඟී යන්නේ එබැවිනි. එක්කෝ එක් අවස්ථාවක, නැත්නම් වෙනත් අවස්ථාවක වෙස් මුහුණ පැත්තකට ඇද වීමෙන් ළමයින්ගේ දඟකාර හා නැණවත් දෙනෙත් හිටිහැටියේ දිස්නය දෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.