කොරියන් භාෂා ගුරුවරයා
රසිත සම්පත් ධර්මපාල
2018 CBT Exam
50022431
ජීවිතය කියාදුන් ගුරුතුමනි,
ගුරුතුමනි මගේ කතාව මගේම නැතින් පටන් ගන්නට ඔබෙන් අවසරයි. දැනට මාස 10 ට වගේ කලින් එක දවසක කොරියාවේ ගිහින් රැකියාවක් කරන්න හිතුණා. ඒ නිසාම ඒ ගැන ටිකක් හොයලා බලන්න ගත්තා. ඒ අතර තුරමයි මට නාමල් සර්ගේ පොත් ගැන දැන ගන්නට ලැබුණේ. අවසානයේදි මම පොත් ටික ගෙදරට ගෙන්වා ගත්තා. මම හිතන විදියට මේ දවස තමයි මගේ ලකුණු 200යේ පළමු ඇරඹුම. පොත් ටික අතට ගත්ත වෙලාවේ ඉඳන්ම මට මම ගැනම ලොකු විශ්වාසයක් ඇති උනා. මොකද කියනව නම් කොරියන් භාෂාව ඉගෙන ගන්න එක ලොකු අභියෝගයක් නෙවේ කියලා නාමල් සර්ගේ පොත් වලින් මට වැටහුණා. ඇත්තම කියනව නම් මාස 5 ක් වෙද්දි මම තනියම පේපර් එකක් කරන තැන හිටියේ. මෙච්චර ඉක්මනට කොරියන් භාෂාව ඉගෙන ගන්නට තියෙද්දි සමහරැන්ට ඒක විහිලුවක් උනා. ඒත් ඇත්ත කතාව මම නාමල් සර්ගේ පොත් වලින් 'අ' යන්නේ ඉඳලා ලියන්න කියවන්න දෙකම හුරු උනා කියන එකයි. මට නම් කියන්න වචන නෑ, මේ පොත ගැන වටිනාකම කියලා නිම කරන්න බෑ, කවදාවත් clz එකකට අඩිය නොතියා ගෙදර ඉදන්ම කොරියන් භාෂා විභාගයට සූදානම් වෙලා ලකුණු 200/200 අරගෙන දිවයිනේ ප්රථමයා වෙන එක නාමල් සර් නිසා ලොකු හීනයක් උනේ නෑ. මේ ලකුණු අයිති නාමල් සර් ඔයාටයි. සර් නැත්නම් මට මෙහෙම ජයග්රහණයක් ලබන්නට බැහැ. අවසානෙටම මම කියන්නම් මෙහෙම මම Exam එකට යන දවසේ මම ලකුණු 190 වක් අරගෙන ඉවරයි. එතරම් විශ්වාසයක් මගේ තිබුණා. ඒත් නාමල් සර් නිසා 200/200 අරගෙන දිවයිනේ ප්රථමයා වන්නට මට හැකි උනා.
“කටු අකුල් මැද පිපුණු මලක් නිම්නිට නෙලන්නට කියාදුන් ගුරු පියාණනි ණයගැති සදහටම ඔබට මම...”
නිහඬ වැඩකරු ඔබයි ගුරුතුමනි, දිගුකල් ඔබ වැජඹේවා...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.