කුඩා අපියි අපේ ගමයි
එක්දහස් නවසිය තිහේ දශකයේ පමණ ගැමි ජීවිතය විස්තර කෙරෙන සිදුවීම්, පුද්ගලයන් හා රසවත් අත්දැකීම් ගණනාවක් වටා ලියැවුණු කතා පෙළකි මේ.
ළමා කාලයේ ඇති අහිංසක බව හා ගම්බද ව වැඩෙන ළමයා ගේ සොඳුරු අත්දැකීම් පිළිබඳ ව විස්තර කෙරෙන මේ අපූරු කෘතිය අමතර කියවීම් පොතක් ලෙස වත්මන් පාසල් විෂය මාලාවට ද එක් ව තිබේ.
යූ. ජී. පී. කාරියවසම් බද්දේගම ගණේගම උපත ලබා රත්නසාර මහා විද්‍යාලයේ හා ධර්මාශෝක මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ ගෞරව උපාධිය ලබා, පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ලබාගත්තේ ය. එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් එම්.ඒ. උපාධිය ලැබූ ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය. මහරගම ගුරු විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ධුරයත්, ගම්පහ අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරත් දැරූ ඒ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපන අධ්‍යක්ෂ වශයෙන් ද සේවය කළේ ය. ළමා පොත් ගණනාවක් ජාතියට දායාද කළ ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ ග්‍රන්ථ ගණනාවක් ද සිය භාර්යාව වූ ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් සමඟ සමකර්තෘත්වයෙන් රචනා කර ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
U.G.P.Kariyawasamkuda api ape gamai