කුමාර හෙට්ටිආරච්චි - මානවවාදී කවියකු සමඟ සාංසාරික චාරිකාවක්
“අද්‍යතන යුගයට අදාළ සිංහල කවිය දෙසත්, එහි නිර්මාතෘන් වන සිංහල කවීන් දෙසත් විමසිලිමත්ව බලන කල්හි, මෙකී විචාර රාමුවලටත්, අච්චුවලටත්, අන්තිමේදී විචාරක දඬුකඳන්වලටත් කොටු නොවුණු - ගොදුරු නොවුණු - කවීන් තිදෙනකු මම හඳුනාගෙන සිටිමි.
පළමුවැන්නා, විමලරත්න කුමාරගමය. දෙවැන්නා, මහගම සේකරය. තුන්වැන්නා, අන් කවරකුවත් නොව, ඉමදූව, කෝදාගොඩ කුමාර හෙට්ටිආරච්චිය.
මෙපොත, තෙතිසක් වන ඔහුගේ කාව්‍ය කෘති පිළිබඳ ඉතා සංක්ෂිප්ත වූ හැඳින්වීම් කඩකි. එය ශාස්ත්‍රීය කෘතියක් නොවේ. විදග්ධ විචාර ග්‍රන්ථයක්ද නොවේ. ඒ දෙවගම ලියන හැටි, මම නොදනිමි. ඒ දෙවගම, මට අනභිමතය. මේ වනාහි, කුමාර හෙට්ටිආරච්චිගේ කවි කියවා මා ලැබූ ආස්වාදය - ප්‍රබෝධය - විස්මය - භාවමය විකසනය - සංවේදයිතය - තරමටම හද රිදුමද, පාඨකයා ඉදිරියෙහි ගෙනහැර දක්වන්ට ගත් ප්‍රයත්නයකි; විචාරයක් නොවන දීර්ඝ රචනයකි.”
(පෙරවදනින් උද්ධෘතයි.)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.